පොලිස් ලොක්කන් 05කට ස්ථාන මාරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

පොලිස් ලොක්කන් 05කට ස්ථාන මාරු

පොලිස් ලොක්කන් 05කට ස්ථාන මාරු
උසස් පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනෙකු ස්ථානමාරු කර තිබේ.
ඒ අනුව පොලිස් අධිකාරි ඩබ්ලිව්.ජේ.එන් සේනාරත්න මහතා ජාතික පොලිස් විද්‍යාපීඨයේ සිට පොලිස් මූලස්ථානයේ නීති අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති අතර නීති අංශයේ කටයුතු කළ සහකාර පොලීස් අධිකාරි පී.ජී ධර්මසේන මහතා ජාතික පොලිස් විද්‍යාපීඨය වෙත භාරකර යවා ඇති බව වාර්තා වෙයි.

කොළඹ අපරාධ අංශයේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එම්.ඒ මහින්කන්ද මහතා තලංගම ස්ථානාධිපතිවරයා ලෙසත් කොළඹ වංචා විමර්ශන අංශයේ කටයුතු කළ පොලිස් පරික්ෂක එල්.වීරසිංහ මහතා කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.

මීට අමතරව කාන්තා ප්‍රධාන පොලීස් පරික්ෂක සමන්ති මාරඹගේ මහත්මිය අපරාධ වාර්තා කොට්ඨාසයේ ස්ථානාධිපතිනිය ලෙසත් පත් කර ඇති බව සඳහන් වෙයි.
ජාතික පොලීස් කොමිසමේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අදාළ පත් කිරිම් සිදු කර ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad