මැතිසබය උණුසුම් වෙයි - දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළියට දමයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 8, 2017

මැතිසබය උණුසුම් වෙයි - දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළියට දමයි (VIDEO)

මැතිසබය උණුසුම් වෙයි - දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළියට දමයි (VIDEO)

සභාවේ කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.

මෙම තීරණය ස්ථාවර නියෝග 74(1) යටතේ ගන්නා බවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් කතානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ස්වාධීනවීමට කළ ඉල්ලීමට කතානයකවරය විසින් ලබාදුන් තීරණයත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතු විය.

No comments:

Post a Comment

Post Bottom Ad