රජය වෙනුවෙන් ඇමැති ගයන්ත සමාව ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 14, 2017

රජය වෙනුවෙන් ඇමැති ගයන්ත සමාව ගනී

රජය වෙනුවෙන් ඇමැති ගයන්ත සමාව ගනී

හෙළ විරුවන් 18 දෙනෙකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීම සදහා මහනුවර පැවති උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමි නාපාන පේමසිරි හිමියන්ට ආරක්ෂක අංශ වෙතින් සිදුවූ බව කියන අගෞරවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සමාව ගන්නා බව ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

සිද්ධිය ගැන කනගාටුවට පත්වූ බවත් නොදැනුවත්කම නිසා මෙම අඩුපාඩුව  සිදුව ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ මීරිගම පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙනේ අද (14 ) පැවති එම නිකායේ කාරක පාලක සංඝ සභාවේදී ය.

අමාත්‍යවරයා සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට මනා හැඟීමෙන් වැඩ කරන ලෙසත් මහනාහිමියෝ ප්‍රකාශ කළහ. 

No comments:

Post a Comment

Post Bottom Ad