දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් කරන ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 1, 2017

දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් කරන ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

දේශද්‍රෝහීන් දේශප්‍රේමීන් කරන ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි

1818 දී ඌව - වෙල්ලස්ස අරගලයට දායකවීමේ හේතුව මත රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබූ 82 ක් දේශප්‍රේමින් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්සන් තබන ලදී.

ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී ජනාධිපතිවරයා විසින් ඔවුන් දේශප්‍රේමින් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නිළ ගැසට් පත්‍රයට අත්සන් තැබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාශය මඟින් පත් කරන ලද මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස, මහාචාර්ය මාලනී ඇඳගම, මහාචාර්ය අනුර මනතුංග ඇතුළු විද්වතුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක නිර්දේශ මත මෙම දේශප්‍රේමි නාමලේඛනය සකස් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad