තිස්ස යළි එජාපයට - මහ ලේකම් ධූරය භාර ගන්නැයි ආරාධනාවක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

තිස්ස යළි එජාපයට - මහ ලේකම් ධූරය භාර ගන්නැයි ආරාධනාවක්?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට නැවත පක්ෂයට එක්ව මහ ‍ලේකම් ධුරය භාරගන්නාලෙස වත්මන් මහ ‍ලේකම් කබිර් හෂීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනපතිවරණය අවස්ථාවේදී ව්‍යාජ ‍ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි දීමට කබිර් හෂීම් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම ආරාධනය කර තිබේ. නැවත වරක් මහ‍ලේකම් ධුරය භාරගෙන එහි කටයුතු කරන ලෙසට කළ ආරාධනයට තිස්ස අත්තනායක මහතා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ සඳහා අවසන් එකඟතාවක් මේ වන තෙක් දී නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad