රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

මෙතෙක් ලොව බිහි වූ සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් අද දිනයේදී සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේදියි.

ඒ අනුව නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි පිහිටුවා තිබූ ලෝක වාර්තාව මේ සමගින් බිද වැටෙනවා. බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් පිළ මෙහෙය වන රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 3ක් බිද හෙලීමත් සමඟ ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 363 දක්වා ඉහළ ගියා.


No comments:

Post a Comment

Post Bottom Ad