'හෙද සංගමයේ හිමිපාණන් අසරණ වෙලා' - වැඩවර්ජනය පිටුපස දේශපාලන අරමුණක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 13, 2017

'හෙද සංගමයේ හිමිපාණන් අසරණ වෙලා' - වැඩවර්ජනය පිටුපස දේශපාලන අරමුණක්  

'හෙද සංගමයේ හිමිපාණන් අසරණ වෙලා' - වැඩවර්ජනය පිටුපස දේශපාලන අරමුණක්  

ඇතැම් විට අද දියත් කර තිබූ හෙද සේවා සංගමයක වැඩවර්ජනය දේශපාලන අරමුණක් මත සිදූ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා "අද දින හෙද සේවා සංගම්වලින් එක් හෙද සේවා සංගමක් වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. මම ලෝක සෞඛ්‍ය සංවිධානය මියන්මාරයේ පැවැත් වූ සැසිවාරයකට ගොස් සිටිය දී තමයි වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබුනේ. එම හෙද සේවා සංගමය දිර්ඝ ඉතිහාසයක් තිබෙන සංගමයක්. හැබැයි මම කියන්න කැමැතියි එම සංගමය කැඳ වූ අසාර්ථකම වැඩවර්ජනය මෙවර ක්‍රියාත්මක වන බව. මෙම වැඩවර්ජනය නිසා කිසිදූ රෝහලක සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නැහැ. කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ කොළඹ අක්ෂි රෝහලේ පමණක් යම්තාක් දූරට වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා."

කොළඹ ජාතික රෝහල, මහනුවර, පේරාදෙනිය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, බදූල්ල, කලුතර, මාතර, කාසල්විදීය කාන්තා රෝහල, මහමෝදර, හම්බන්තොට, පොළොන්නරුව, ළමා රෝහල සහ අම්පාර යන රෝහල්වල දෛනික රෝගී සත්කාරක සේවා නිසි පරිදි සිදූ වූ බව අමාත්‍යවරයා පැවසී ය.

“හෙද පුහුණු පාසල් වල ඇතැම් විදූහල්පතිවරුන් ශිෂ්‍යාවන්ට බලපෑම් එල්ල කළත් එයත් අසාර්ථක වී තිබෙනවා. මෙම සංගමය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම වැටුප් විෂමතා කමිටුවට යොමු කර තිබෙනවා. එම ප්‍රශ්ණය මුලු රාජ්‍ය සේවයම මුහුණ දී ඇති ප්‍රශ්ණයක්. අතිකාල දීමනා වැඩිකිරිම පිළිබදව ද සාකච්ඡා පවත්වා වැටුප් කොමිසමට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඇතැම් විට මෙම වැඩවර්ජනය දේශපාලන අරමුණක් මත සිදූ කරන්න පුලුවන්. ඉල්ලීම් සියල්ල සාකච්ඡා මාර්ගයෙන් විසදා ගන්න පුලුවන්. ඇතැම් ඉල්ලීම් මේ වනවිට ඉටුවෙමින් පවතිනවා. එම හෙද සංගමයට නායකත්වය ලබාදෙන හිමිපාණන් අද අසරණ වෙලා. අසාර්ථකම වැඩවර්ජනයක් දියත් කර තිබෙනවා. රෝහල්වල හෙද හෙදියන් සියයට 90 ක් රාජකාරි කටයුතු ඉටු කරනවා. කාගේ හරි අනුදැනුමක් මත මෙම වැඩවර්ජනය දියත් කරන්න ඇති. රෝහල් සේවා කටයුතු අඩාලවීමක් නැහැ. අනෙක් හෙද සංගම්වල නිලධාරීන්ට වර්ජනය කඩාකප්පල් කිරීමේ උවමනාවකුත් නැහැ."යැයි ද අමාත්‍යවරයා වැඩිදූරටත් පැවැසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad