නාලන්දා විදුහල්පති වහාම ඉවත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 25, 2017

නාලන්දා විදුහල්පති වහාම ඉවත් කරයි

නාලන්දා විදුහල්පති වහාම ඉවත් කරයි
කොළඹ නාලාන්ද විද්‍යාලයයේ විදුහල්පති ජේ.එච්.එන්.ඩබ්ලිව් රංජිත් ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කළ බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පවසයි.

පාසලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශනයක් පැවැත්වූ අතර එහි වාර්තාව විමර්ශන ඒකකය මගින් අධ්‍යාපන ලේකම්වරයා වෙත බාර දී තිබිණි. එම හේතුව සහ තවත් හේතු ගණනාවක් නිසා ජයසුන්දර මහතා නාලාන්දා විද්‍යාලයෙන් ඉවත් කළ බව අමාත්‍යංශය සඳහන් කරයි.

නාලන්දා විදුහල්පති ස්ථාන මාරු කිරීමට මීට මසකට පමණ පෙර තීරණය කර තිබුණත් අලුත් විදුහල්පතිවරයකු සොයා ගැනීමේ දුෂ්කරතාවය නිසා එය ප්‍රමාද වූ බවත්, ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයකු ද මේ ආකාරයටම ඉදිරියේදී ඉවත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad