හිටපු ජනපති හෙට කැබිලිත්ත දේවාලයේ වන්දනාවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

හිටපු ජනපති හෙට කැබිලිත්ත දේවාලයේ වන්දනාවක

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙට ඩිෆෙන්ඩර් පෙළපාලියකින් කැබිලිත්ත දේවාලයට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මහින්ද, මහතා මුලින්ම කතරගම දේවාලයට ගොස් එතැන් සිට ඩිෆෙන්ඩර් පෙළපාලියකින් කැබිලිත්තට යාමට නියමිත බව පැවසේ.

මේ වන්දනා ගමන සංවිධානය කරනු ලබන්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩී.එස්. ගුණසේකර මහතාය.

ඒ මහතා අනුරාධපුර කොළඹ බස් රථ හිමි විශාලම ව්‍යාපාරිකයා සේ සැලැකේ.

වන්දනාවේ යන පිරිසට ඩිෆෙන්ඩර් සැපයීම එල්.ආර්. මෝටර්ස් හි ඉන්දික හා අයන්මෑන් ආයතනයේ සෑම් චන්ද්‍රසේකර හා සමන් කරන්නාගොඩගේ සහය යටතේ සිදුවන බවද වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාට ගමන් කිරීමට රෝද හයේ ජීප් රථයක්ද යොදා ගැනීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

අදාළ ඩිෆෙන්ඩර් පෙළපාලියට යොෂිත රාජපක්ෂ මහතාගේ ජීප් රථයද එක්වන අතර පනදුරේ දමිත් සතු වටිනාම ජීප් රඨයද එක්කර ගැනීමට නියමිත බව පැවසේ.

ඊට අමතරව කැළයේ යාම සඳහා භාවිතා කරන Y61 ජීප් රථ හයක්ද සහභාගි වේ.

දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලනඥයන් ධනපතියන් ලොකු මුදලක්‌ වැයකර වන්දනාවේ යන එක්‌ ස්‌ථානයක්‌ වන ඉන්දියාවේ පිහිටි තිරුපති කෝවිල හා සමානව අපේ මෙරට ධනපතියන් හා දේශපාලනඥයන් බුරුතු පිටින් දෙවියන් වැඳීමට යන ස්‌ථානයක්‌ ලෙස කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලය හැඳින්වේ.

යාල ජාතික වන උද්‍යානයට අයත් අංක 02 කලාපයේ රමණිය කුඹුක්‌කන්ඔය ආසන්නයේ සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය පිහිටා තිබේ.

කැබිලිත්තේ වන්දනාමාන කිරීමට යාමට පෙර සතියකට වැඩි කාලයක් නිර්මාංශව සිටිමින් පෙවීම අවශ්‍ය බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad