වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පවසයි.
වයඹ පළාත් ආණ්ඩුකාරවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය පසුගියදා සූදානම් වු අතර ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීමක් මත එය කල්දැමීමට තීරණය කළේය.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු නිල සංචාරය අවසන් වී දිවයිනට පැමිණි පසු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවතින ගැළුව පිළිබදව ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බවට පොරොන්දු වු බව වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මහතා සඳහන් කළේය.
වයඹ පළාත් සභාව ලබන 21 වැනිදා යළි රැස්වීමට නියමිත අතර එදිනට ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
Sunday, March 12, 2017
වයඹ ආණ්ඩුකාරවරියට එරෙහි විශ්වාසභංගය හකුළා ගනී?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment