පැවැති යුද්ධයේදී වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ සහ සත්‍ය දැනගැනීමේ යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ යටතේ සත්‍ය දැන ගැනීමේ කොමිසමට අදාල නීති කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම පිණිස මෙන්ම යළිත් වරක් යුද ගැටුම මතුනොවීම සහතික කිරීම පිණිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදෙන අමාත්‍යවරයා එම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමය මෙන්ම ජනමත විචාරණයක් ද අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34 වැනි සැසිවාරය අමතා අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අන් කිසිදිනෙක සිදු නොවූ අන්දමට වත්මන් ආණ්ඩුව ජනතා අදහස් විමසමින් රටේ ජනතාවගේ සැබෑ අභිලාෂයන් නිරූපණයවන ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෙදී සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
"සිය මානව හිමිකම් උල්ලංඝනයවූවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා වූ අපේ කැපවීම තිරසාරය," යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සංහිඳියාව පිළිබඳව වින්දිතයන් ඇතුළු රටවැසියන්ගේ අදහස් විමසමින් සංහිඳියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය සාධක බලකාය පූර්ණ වාර්තාවක් සකස් කළ බව පෙන්වාදුන් විදේශ අමාත්‍යවරයා, සත්‍යය සෙවීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වැනි කටයුතු වෙනුවෙන් එම වාර්තාව උපයෝගී කරගන්නා බව සඳහන් කළේය.
No comments:
Post a Comment