නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා - දරුවන් අසනීප නිසා ඇප දෙන්නලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 24, 2017

නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා - දරුවන් අසනීප නිසා ඇප දෙන්නලු



නිරාහාරවූ විමල්ගෙ පුතත් රෝහල් ගතවෙලා 
 -දරුවන් අසනීප නිසා ඇප දෙන්නලු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගේ  දියණිය විමාෂා විෂ්වාදරී මේවනවිට බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තාවේ.
පියා නිරාහාරව සිටීම ඉවසා
දරාගන්නට බැරිව නිවසේදී තමන්ද ආහාර ගන්නේ නැති බව කියමින් ඇය කෑම ප්‍රතික්ෂේප කළ බවත් පසුව ඇය නිවසේ සිහිසුන්ව ඇදවැටුණ නිසා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් පවුලේ ආරංචි හෙළි කර තිබුණි. කෙසේ වෙතත් ඇයට වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුව මාරු කරන ලදි.

මේ අතර විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම නිසා කම්පනයට ලක්වූ බව කියමින් ඔහුගේ පුත් විභූතිද රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා ඇති අතර ඔහුවද රෝහල්ගත කරන්නට ශෂී වීරවංශ පියවර ගෙන තිබුණි. පැය කිහිපයක් ඔහු පරීක්ෂා කිරීමෙන් පසුව විටමින් පෙති කිහිපයක් ලබාදී නැවත ඊයේ සවසම ගෙදර යැවූ බව රෝහල් ආරංචි හෙළි කළා.
විමල්ගේ දියණිය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන බව කියමින් නිමල් දිගින් දිගටම ඇප ඉල්ලූ නමුත් එය නොලැබුණ තැන උපවාසයකට ගිය අතර දරුවන් අසනීප වූ බව කියමින් ඇප ‍ලබා දෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ අද දිනයේ තවත් මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
-----
2015 පෙබරවාරි මස විමල්ගේ බිරිය පාස්පෝට් පටලැවිල්ල නිසා අත්අඩංගුවට ගන්නට නියමවූ අවස්ථාවේ රිමාන්ඩ් ගතවීම මගහරිමින් තමාට රෝගී බව දක්වමින් මහජන අනුකම්පාව දිනාගැනීමට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ඡායාරූපයක් ලබාගෙන මාධ්‍ය වෙත බෙදාහැර තිබුනේ ඉහත  2 වන ඡායාරූපයේ පරිදිය,

No comments:

Post a Comment

Post Bottom Ad