"යොවුන් පුරය" අද ඇරඹෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 29, 2017

"යොවුන් පුරය" අද ඇරඹෙයි

“අනාගතය ඇරඹුණා” තේමාවෙන් පැවැත්වෙන හත්වැනි යොවුන් පුරය අද (29) පස්වරුවේ ආරම්භ වේ.

ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ දී ඇරඹෙන උත්සවය සඳහා තරුණ තරුණියන් 6000ක් පමණ මේ වනවිට ත්‍රිකුණාමලයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා විසින් මෙහෙයවනු ලබන ‘යොවුන් පුරය 2017‘ වැඩසටහන  ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ද සහභාගිවීමට නියමිතය.

අගමැතිවරයා මාර්තු 31 වන දින යොවුන් පුරය සඳහා එක්වීමට නියමිතව ඇත.

අද ආරම්භවන තරුණ කඳවුර සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේ පැමිණෙන තරුණ තරුණියන් සාදරයෙන් පිළිගැනීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad