ශ්‍රිලනිපය - එජාපය සමග සන්ධානයකට?- ඇමැති නිවසේ හදිසි හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 12, 2017

ශ්‍රිලනිපය - එජාපය සමග සන්ධානයකට?- ඇමැති නිවසේ හදිසි හමුවක්

ශ්‍රිලනිපය - එජාපය සමග සන්ධානයකට?- ඇමැති නිවසේ හදිසි හමුවක්

ඒකාබද්ධ විපක්ෂය වෙනම තරග කිරීමට මේ වන විට තීරණය කර තිබිම නිසා එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී ඉදිරි මැතිවරණයේදී තරග කළ යුතු බවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසකගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණවලදී තරග කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් දැඩි ස්ථාවරයක සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පසුගිය 09වනදා කොළඹ ඇමැති නිල නිවසකදී දා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

දෙපාර්ශ්වය වෙන්ව මැතිවරණයට ඉදිරිපත් වීමේදී එක්සත් ජාතික පක්ෂයට එහි වාසිය අත්වන බැවින් කෙසේ හෝ ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාසය දිනා ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ගේ මතය වී ඇත.

එම නිසා ඒකාබද්ධ විපක්ෂය සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් යෙදිය යුතු බවත් එය ඉක්මනින්ම කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කර ඇත.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාවගේ විරෝධයක් පැවැතීම නිසා එය ප්‍රයෝජනයට ගෙන ජනතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට හැකියාව පවතින බව මෙහිදී අදහස් පළ වී ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad