බලපිටිය මහාධිකරණයට හොරු පනිති - නඩු ලිපිගොණු අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 27, 2017

බලපිටිය මහාධිකරණයට හොරු පනිති - නඩු ලිපිගොණු අතුරුදන්

බලපිටිය මහාධිකරණයට හොරු පනිති - නඩු ලිපිගොණු අතුරුදන්
බලපිටිය මහාධිකරණයේ ලේඛනාගාරයට ඊයේ (26) රාත්‍රියේ කිසියම් අයකු සොරෙන් ඇතුළුවී ඇතැයි පොලිසිය පවසයි. එහි ඇති දැල් ගැසූ කවුළුවක් කඩා කිසිවකු ඇතුළුවී ඇතැයි ද වාර්තාවේ.

එහි නඩු ලිපිගොණු කිහිපයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසිය මේවන විට විමර්ශන ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති අතර පොලිස් නිල සුනඛ ‘තාරා‘ ද එහි කැඳවා ඇත.

බලපිටිය මහාධිකරණයේ නඩු වාර්තා ගබඩාකර තිබූ කුටියට ඊයේ(26) රාත්‍රියේ කිසියම් පිරිසක් ඇතුළු වී එහි ලිපිගොණු කිහිපයක් සොරාගෙන ගොස් තිබේ. එලෙස සොරාගෙන ගොස් ඇත්තේ මිනීමැරුම් නඩුවලට අදාළ ලිපි ගොණු බව සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad