උඩවලවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මූල්‍ය වංචාවක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 25, 2017

උඩවලවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මූල්‍ය වංචාවක් 

උඩවලවේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මූල්‍ය වංචාවක් 

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක කළමනාකාරවරයෙකුට සහ මුල්‍ය සහකාරවරයෙකු විසින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී රුපියල් ලක්ෂයකට අධික මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බව වාර්තාවේ.

ඒ අනුව අදාළ වංචාව සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad