හම්බන්තොට වරාය ගිවිසුමට ජනපති එකඟ නෑ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 25, 2017

හම්බන්තොට වරාය ගිවිසුමට ජනපති එකඟ නෑ?

හම්බන්තොට වරාය ගිවිසුමට ජනපති එකඟ නෑ?

හම්බන්තොට වරාය සම්බන්ධ ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම අතර ඇති ගිවිසුම අනුමත කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසා බැලිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කොට ඇතැයි වාර්තා වේ.

පසුගිය මාර්තු 20 වන දා කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයේ දැක්වෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති සන්දේශය පිළිබඳව සලකා බැලීමේ දී කඩිනම් තීරණ ගැනීමට වඩා රජය මුහුණ පා ඇති විදේශ මූල්‍ය ගැටළු, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් චීන නිලධාරීන් සමග මෙතෙක් සිදුකර ඇති සාකච්ඡා ආදී කරුණු රැසක් පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

එමෙන්ම ආරක්ෂක, විදේශ, මුදල් සහ අනෙකුත් අමාත්‍යංශයන්ගේ අවධානයට යොමු විය යුතු කරුණු ගැඹුරින් සොයා බලා මෙම ගිවිසුම පිළිබඳව විධිමත් තීරණයක් ගත යුතු බව ද පසුගිය මාර්තු 20 වෙනි දින ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශයේ සඳහන් වේ.

මේ අතර පසුගියදා මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතා සඳහන් කළේ වරාය මොනම හේතුවක් නිසාවත් කිසිම රටකට හෝ සමාගමකට විකිණීමක් නොකරන බව ජනාධිපතිවරයා පසුගියදා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පැවති ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවේදී සඳහන් කළ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීය.

“වරාය සම්බන්ධ ගිවිසුම සකස් කළේ  පක්ෂ දෙකේම ‍පොදු එකඟතාවන් මත මේ සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මූලික නිරීක්ෂණය් දී තිබෙනවා. වරාය ප්‍රතිව්‍යුහගත කිරීමේ  වැඩපිළිවෙ‍ලේ මූලික ලක්ෂණයලට අනුකූලව නිරික්ෂණ ඉදිරිපත් කලා මූලික ලක්ෂණයන් හා  නිරික්ෂණයන්  එකඟතාවටය පැමිණිය යුතු වෙනවා. මෙම ගිවිසුම අත්සන් කිරීමට පක්ෂ දෙක තුල විශේෂ සාකච්ඡාවන් කීපයක්ම පවත්වා ඉන් අනතුරුව තමයි ගිවිසුම අත්සන් කරන්නේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට  පෙර වරායා අධිකාරි පනත සංශෝධනය කළ යුතු වෙනවා.

ලංකාවේ සියලුම වරායවල් ගත් විට බිලියන 2016 වර්ෂයේදී  16 700ක ණය හා පෙලීය වශයෙන් ගෙවලා තිබෙනවා. හම්බන්තොට වරායේ පමණක් වසර 2016දී මිලියන 7100ක් ණය හා ‍පොලීය ගෙවලා තිබෙනවා. අපි ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බලා ‍පොරොත්තු වන්නේ පුද්ගලික් හා රජයේ ඒකාබද්ධ වැඩ පිළිවෙලකට යන්නයි. ගිවිසුම අත්සන් කරන්නේ රටට වඩාත් වාසිදායක ස්ථානයක් පැමිණි පසුවයි. එයත් පක්ෂ දෙකේම ‍පොදු එකඟතාවය මත ඇති විය යුතු දෙයක් විය යුතුයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පෞද්ගලීකරණයට  විරුද්ධයි. අපිට තිබෙනවා දර්ශනයක් ඒවගේම අපිට තිබෙනවා වගකීමක්  වරාය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූලික ලක්ෂණ හා නිරික්ෂණ  සම්බන්ධයෙන් ‍පොදු එකඟතාවයට පැමිණීමෙන් පසුවයි ගිවිසුම් ගත කිරීමට බලා‍පොරොත්තු වන්නේ.“ යැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad