විමල්ට අසාධ්‍යයි: ජාතික රෝහලට මාරුකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 30, 2017

විමල්ට අසාධ්‍යයි: ජාතික රෝහලට මාරුකරයි

විමල්ට අසාධ්‍යයි: ජාතික රෝහලට මාරුකරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලේ සිට මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) දහවල් 12.20ට පමණ කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබ ඇති බවයි.

අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලට පැමිණි කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා ජාතික රෝහලට මාරු කිරීමට උපදෙස් දී ඇති අතර දිගින් දිගටම සේලයින් ලබාදීමට නොහැකි බැවින් එසේ රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි උපුල්දෙණිය මහතා පැවසී ය.

රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විමල් වීරවංශ මහතා තමාට ඇප ලබා නොදීමට එරෙහිව ඉකුත් මාර්තු 22 වන දින ආහාරපාන වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කරන ලදී.

ඉන්පසුව ආහාර වර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා මාර්තු මස 26 වන දින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.

දිගින් දිගටම ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් අද දිනයේ ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

 

No comments:

Post a Comment

Post Bottom Ad