ආණ්ඩුව දෙදරයි: මෛත්‍රී තීරණාත්මක තීන්දු කිහිපයකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 24, 2017

ආණ්ඩුව දෙදරයි: මෛත්‍රී තීරණාත්මක තීන්දු කිහිපයකට සැරසෙයි

ආණ්ඩුව දෙදරයි: මෛත්‍රී තීරණාත්මක තීන්දු කිහිපයකට සැරසෙයි
ඉදිරි සති කීහිපය ඇතුළත ජනාධිපතිවරයා විසින් දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ජනාධිපතිවරයා වසර 2 ක කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම පාලනය පවත්වා ගෙන ගිය බවත් ඉදිරි වසර 4ක කාලය ඉදිරියට ගෙන යෑම සඳහා මෙවැනි තීන්දු ගන්නා බවත් ඒ තුළින් ඇතැමෙකුගේ හිත රිදවීමටත්, සතුටු වීමටත් ලක් විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම වරාය පිළිබඳ නොයෙක් අදහස් අද වන විට දේශපාලනය තුළ ඉදිරිපත් වන බවත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරයා වරාය විකිණිමේ අදහසක් නොමැති බව තමා පැහැදිලිව ප්‍රකාශ කරන බවත් ලක්‍ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.

එමෙන්ම වරාය පනත සංශෝධනයෙන් තොරව ගිවිසුම් සඳහා අත්සන් කළ නොහැකි අතර එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු එකඟතාවය මත මෙයට අදාළ ගිවිසුම් අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය. ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad