ටොප් ටෙන් 9 පැමිණිල්ල රාජිතට - චෝදනා ගැන රාජිත කටඅරී    - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 1, 2017

ටොප් ටෙන් 9 පැමිණිල්ල රාජිතට - චෝදනා ගැන රාජිත කටඅරී   

ටොප් ටෙන් 9 පැමිණිල්ල රාජිතට - චෝදනා ගැන රාජිත කටඅරී   

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (01) පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.

රාජිත සේනාරත්න මහතා පසුගිය රජයේ ධීවර අමාත්‍යධුරය දරන සමයේදී මෝදර ධීවර වරාය බදු දීම සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් අටක් මෙරටට ගෙන්වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා එක් පැමිණිල්ලක් සිදු කළේය.

තවද ඒ මහතා වත්මන් රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන අතරතුර සියලු ටෙන්ඩර් පටිපාටි උල්ලඝනය කරමින් අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කර පිළිකා රෝගීන් සඳහා යැයි පවසමින් රුපියල් මිලියන 1500කට ආසන්න නුසුදුසු ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා විසින් අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කරන ලදී.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසූයේ ආණ්ඩුවේ දූෂිතයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි 09වන හෙළිදරව්ව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව සිදු කරන බවයි.

පිළිකා රෝගීන්ට සහන සලසා දුන් බව පැවසුව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රුපියල් මිලියන 1500 ක් වියදම් කරමින් රුසියාවේ නිෂ්පාදිත පිළිකා රෝගීන් සඳහා නිර්දේශිත බාල වර්ගයේ අත්‍යාවශ්‍ය ඖෂධයක් ගෙන්වා ඇති බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

රාජිත සේනාරත්න මහතා සිදු කර ඇති මෙම වංචාව හුදෙක් මුදල් වංචාවකට වඩා එය මානුෂීය ගැටළුවක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අදහස් දක්වමින් සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා අසත්‍ය බවයි. 

ඒකාබද්ධ විපක්ෂයේ ටොප් 10 යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වන ලදි.

“ඒකාබද්ධ විපක්ෂය ටොප් 10 යටතේ චෝදනා අද මට ඉදිරිපත් කර තිබෙනවා. එම චෝදනා අමූලික බොරු. සෞඛ්‍ය අමාත්‍යාංශයට කාටවත් අවශ්‍ය පරිදි ඖෂධ ගෙන්වන්න බැහැ. ඖෂධ ගෙන්විය හැක්කේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ ජාවාරමක් තිබුනා. ඖෂධ සමාගම්වල මුදල් මත තමයි ඒකාබද්ධ විපක්ෂය අද අදහස් පළ කරන්නේ. එදා එම පුද්ගලයින් වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යධූරයේ රාජකාරී කටයුතු සිදු කිරීෙමි දී ඊට බාධා එල්ල කළා. රාජපක්ෂ පවුලේ පිරිස් ඖෂධ කොල්ලයට සම්බන්ධ වී සිටියා. සමාගම් සමග ගණුදෙනු කළා. පැහැදිලි චෝදනා තිඛෙන අතර, ඒවා ඔප්පුවෙමින් පවතිනවා. කිසිදු ක්‍රමවෙිදයක් නොමැතිව ඖෂධ සහ ශල්‍ය උපකරණ ඇතැම් අවස්ථාවල දී ලබාගෙන ඇත්තේ රජගෙදර උපදෙස් මතයි. ලිනීයර් ඇක්සෙලේටර් නැමැති ශල්‍ය උපකරණය මිලදී ගැනීම ඊට හොදම උදාහරණයක්. එම උපකරණය ඩොලර් මිලියන 08 ක් අඩුවෙන් ලබාදීමට ආනයන සමාගම අද මට පොරොන්දු වී තිඛෙනවා.” 

“පිළිකා ඖෂධ සම්බන්ධයෙන් ද ජාවාරමක් තිබුනා. එක්තරා බහුජාතික සමාගමක් රුපියල් දෙලක්ෂ 85,000 කට පිළීකා ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී තිබුනා. වෙනත් කිසිම සමාගමකට එම ඖෂධය ආනයනය කිරීමට ඉඩ ලබාදුන්නේ නැහැ. නමුත් ඊට ආදේශකයක් හදුන්වා දුන් පසු ඖෂධය රුපියල් එක්ලක්ෂ 40,000 දක්වා අඩු වුනා. එක් ඖෂධයක් පමණක් නොවෙයි ඖෂධ ගණනාවක මෙම ජාවාරම සිදුවී තිඛෙනවා. අද දින මාධ්‍ය හමු පවත්වමින් චෝදනා එල්ල කරන ඒකාබද්ධ විපක්ෂයේ අය ඖෂධ ගැන, වෛද්‍ය විද්‍යාව ගැන, ඖෂධ ජාවාරම් ගැන දන්නේ නැහැ. අවබෝධයක් නැති අය තමයි කථා කරන්නේ. ඒ ඖෂධ සමාගම්වල වුවමනාව මතයි. ලැඡ්ජා නැති මහත්වරු ඖෂධ ගැන මාධ්‍ය හමුවල දී කථා කිරීම විලිලැඡ්ඡාවක් බව මම කියන්න කැමැතියි. මට පහර ගැසීමට ඇතැම් පත්තරවලට උදවි කිරීමට පසුගිය කාලයේ දී ඇතැමුන් උත්සාහ කළා. ඇවන්ගාඩි සිද්ධිය එවැනි උදාහරණයක්. රුසියාවෙන් ආනයනය කළ පිළිකා ඖෂධය භාවිතයට සුදුසු බව ප්‍රකට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජයන්ත බලවර්ධන මහතා ද තහවුරු කර තිඛෙනවා. ධීවර වරාය සංවර්ධනය කිරිම පිළිබද චෝදනාව ගැන මට කියන්න තිඛෙන්නේ චෝදනා ඉදිරිපත් කිරිමට ඔිනෑම අයෙකුට හැකියාවක් ඇති බවත්, ඒවා ඔප්පු කළ යුතු බවත්ය.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad