සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් ලියාපදිංචි අපරාධකරුවන් ඇතුළු 1246 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 11795 දෙනෙකු සහභාගී වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ලියාපදිංචි අපරාධකරුවන් 110 ක්, ගුවන් හමුදාවෙන් පළාගිය භටයන් 4 ක් සහ නාවික හමුදාවෙන් පළාගිය භටයන් 3 දෙනෙකු සිටින බවට අනාවරණ වී තිබේ. ඔවුන්ගේ ඇගිලි සටහන් පරීක්ෂා කිරීමේ කටයුතු මේවන විටත් සිදුවන බව පොලීසිය සඳහන් කළේය.
ඊයේ(10) රාත්‍රී 11 සිට අද(11) අළුයම 4 දක්වා සිදුවු මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 567 ක් , පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 109 ක් , ගංජා ළඟ තබාගත් 45 ක් සහ හෙරොයින් ළඟ තබාගත් 26 ක් ද අත්අඩංගුවට පත්වී තිබේ. එමෙන්ම බීමතින් රිය පැදවු පුද්ගලයන් 76 දෙනෙකු ද ඇතුළුව බරපතළ රථ වාහන නීති උල්ලංඝණය කළ 307 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලීසිය කියා සිටියේය.
ඉදිරියේදීත් දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

No comments:
Post a Comment