රටින් සහල් ගෙන ඒම පසුපස මහා කොමිස් කන්දක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

රටින් සහල් ගෙන ඒම පසුපස මහා කොමිස් කන්දක්…

මෙරට පරිබෝජනයට ඇති තරම් සහල් රට තුල තිබියදී හා කිලෝවක් රුපියල් 70ක් වැනි මිලකට ලබා දීමට හැකියාව තිබියදී සහල් ආනයනය කිරීමට යන්නේ කිහිප දෙනෙකුගේ මහා පරිමාණ කොමිස් ගැසීමක් විය හැකි යයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරයි.

ඉදිරි දිනවලදී මහ කන්නයේ වී අස්වැන්න අවම වශයෙන් මෙටි‍්‍රක් ටොන් දොළොස් ලක්ෂයක් ලැබීමට නියමිත නිසා එය අගෝස්තු මාසය දක්වා ප‍්‍රමාණවත් බවත් සහල් හිගයක් සම්බන්දයෙන් කතා කල යුතුව ඇත්තේ ඊට පසුව බවත් පෙන්වා දෙන එම සංවිධානය සහල් හිගයක් රට තුල නොමැති තත්වයකදී සහල් පිටරටින් ගෙන ඒම ගැන දැඩිව සැක මතුවන බවද ඔවුන් පෙන්වා දෙයි.

ආනයනික සහල් මෙරට වෙලදපලට පැමිණි පසු මෙරට සහල් තුට්ටු දෙකට බැසීම අනිවාර්ය බවද සම්මමේලනය වැඩිදුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad