අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර් උද්ඝෝෂකයා නැවත හමුවේ දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු


අතුරුදන්ව සිටි ටෙලිකොම් මෑන්පවර්
උද්ඝෝෂකයා නැවත හමුවේ

දෑස් බැඳ පැහැර ගෙන ගොස් බියවැද්දුවාලු


මීට වසර 25 කට පමණ පෙර ප්‍රේමදාස යුගයේදී ලංකාවේ වෘත්තීය සමිති උද්ඝෝෂණ විරල විය.එයට ප්‍රධාන හේතුවක් වූයේ බියවැද්දීම් හා තර්ජනයි. කිසියම් සමිති නායකයෙකු විරෝධතා සටනක් සංවිධානය කරන්නට උත්සාහ කර තිබුනේ නම් ඔහු පසුදා වනවිට අතුරුදන් විය.

මෙම තත්වයට සමාන දෙයක් ඊයේ පෙරේදා ලංකාවේ නැවත සිදුවී තිබෙන බවක් වාර්තාවේ. තුන් දවසක් තිස්සේ ආගිය අතක් නොමැති සිටි
සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපති එම්. සුජිව මංගල නැමැත්තා ඊයේ (01) ඉංගිරිය නගරයේදී හමුව තිබුණි. නිවසට එන බව දන්වා ඉරිදා අළුයම් කාලයේදී කොළඹ සිට පිටත් වූ සුජීව  පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබි ඇත.

සිය යතුරු පැදියෙන් කොළඹ සිට පිටත් වූ ඔහු පැයකින් පමණ පන්නිපිටිය, පැලැන්වත්තේ නිවසට ළඟා වනු ඇතැයි දුරකථන ඇමතුමක් මගින් දන්වා සිටි නමුත් ඉන්පසු සුජීව මංගලගේ අතුරුදහන්වීම සිතා ගන්නට බැරි බව ඇය දන්වා තිබුණි. අත් පා, දෑස් බැඳ පැය තුනක පමණ කාලයක් වෑන් රථයෙන් රැගෙන ගිය බවත් අනතුරුව ඔහුව පාළු කාමරයක සිරකොට තැබූ බවත් හමුවීමෙන් පසු සුජීව මංගල මහරගම පොලිසියට පවසා ඇත.

තමාට ටෙලිකොම් මෑන් පවර් සමාගමේ උප සභාපති ධුරයෙන් ඉවත් වන ලෙසටත් එම වැඩ වර්ජනය අවසන් කරන ලෙසටත් බලපෑම් කර අනතුරුව ඊයේ (01දා) අලුයම වෑන් රථයකින් අත් පා, දෑස් බැඳ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක් අසලට රැගෙනවිත් වෑන් රථයෙන් බිමට ඇද දැමූ බවද පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සුජීව මංගල මහතා පවසා තිබේ.

 පිළියන්දල පොලිස් වසමේ මඟ දමා ගොස් තිබූ මොහුගේ යතුරුපැදියද පොලිසිය විසින් පසුව සොයා ගෙන තිබිණි.

රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක නිරතව සිටින ටෙලිකොම් මිනිස් බල කම්කරුවෝ දෙසැම්බර් 26 වැනිදා සිට මාසයකටත් වඩා අඛණ්ඩ ස්‍යග්‍රහය විරෝධතාවක නිරතව සිටින අතර මෙය සිදුව තිබුණි. සුජීව මංගල අතුරුදන් වීම කවුරුන් කළාද යන්න විමර්ශන කටයුතු මහරගම පොලිසියට භාර දී තිබේ. මොහුව පැහැර ගත් බව කියන මහරගම පැලන්වත්ත ප්‍රදේශයේද ඉංගිරිය ප්‍රදේශයේද සී.සී.ටී.වී. කැමරා දත්ත පරීක්ෂාවක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

මහරගම පොලිසිය විසින් පැයකට අධික කාලයක් සුජීව මංගල මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඊයේ පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත. මෑන්පවර් සේවක රැකියා ස්ථීර කරන ලෙස සති හයකට ආසන්න කාලයක් ගෙනගිය අරගලයේ නායකත්වය දැරූ තම සටන් සගයාගේ අතුරුදහන්කරවීම තම අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමක් ලෙස සංගමයේ ලේකම් එස්. ඩී පෙර්රා කියා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad