කුමාර් ගුණරත්නම් යළි මධ්‍යම කාරක සභාවට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

කුමාර් ගුණරත්නම් යළි මධ්‍යම කාරක සභාවට 

කුමාර් ගුණරත්නම් යළි මධ්‍යම කාරක සභාවට 
ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යළි නම් කර තිබේ. 

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ(01) පැවැති එම පක්ෂයේ දෙවන ජාතික මහ සමුළුවේදී මෙම තීරණය ගෙන ඇත. පසුගිය වසරේ පැවැති පළමු ජාතික සමුළුවේදී කුමාර් ගුණරත්නම් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවට නම් කෙරුණු නමුත්, ඔහු ඒ වන විට පැහැර ගැනීමකට ලක්ව තිබිණි.

ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කෑගල්ල - අගුරුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ සිටියදී කුමාර් ගුණරත්නම් මහතා පසුගිය වසරේ නොවැම්බර් 4 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඔහුට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසරක සිර දඬුවමක් නියම කෙරිණි. 

තාවකාලික වීසා මත මෙරට රැදී සිටීමට ඔහුට මේ වන විට අවසර හිමිව ඇති අතර, පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් ඔහු මේ වන විට අයදුම්පතක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad