ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මඩකළපුවවේ පැවති රැස්වීමක් අමතමින් කියා සිටියේ ‘පලාත් සභා පනත එදා පාර්ලිමේන්තුවේ දි සම්මත කරද්දී මේ රටේ පිරිසක් කිව්වා මේ පලාත් සභා ඇති වුනාට පස්සේ එක පලාතක ඉදලා අනිත් පලාතකට යන්න විසා ගන්න ඕනයි කියලා.
පලාත් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන කාලයේ පනත සම්මත වෙන්න කලින් මාසය දෙකක ඒ කාලේ පත්තර කියවන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ ලෙසයි. කෙසේ වෙතත් එදා 1987 දි එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවේ අනුග්‍රහය ඇතිව ගෙනා එන ලද පලාත් සභා පනතට විරුද්ධව සටන් කලේ ශ්‍රිලනිප නායිකා සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛව එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් බව සියල්ලෝම දන්ති.
1987 අංක 47 දරණ පාර්ලිමේන්තු පනත මගින් පාලත් සභා ස්ථාපිත කරන ලදි. ශ්‍රීලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වු ජේ.ආර්. ජයවර්ධන මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉංදියාවේ මැදිහත් වීම මත පලාත් සභා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක් ලෙසය. එයින් බිහිවු උතුරු නැගෙනහිර පලමු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍යක් ලෙස ප්‍රකාශයට පත් කොට ඉන්දීයාවට පැනලා ගියේය.
ඉන්පසු ඊලාම් සටන උත්සන්න වී දහස් ගනනක් සිංහල දෙමල මුස්ලිම් ජනතාවගේ ජීවිත කොටි ත්‍රස්තවාදීන් විසින් බිල්ලට ගත් අතර පලාත් සභා විසඳුම පිලිතුරක් නොවිය. එමෙන්ම එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛව ශ්‍රිලනිප සම්පූර්ණයෙන්ම පලාත් සභා පනතට විරුද්ධව ක්‍රියාකලා පමණක් නොව පලමු පලාත් සභා මැතිවරණ ද වර්ජනය කලේය.
ජනතා විමුක්ති පෙරමුණ පලාත් සභා පනතට විරුද්ධව ඔහුන්ගේ දෙවන කැරල්ල ආරම්භ කොට තරුණ ජීවිත 60000 කට වඩා විනාශ කරන ලදි.
Thursday, February 2, 2017
ජනපති මෛත‍්‍රී එජාපට පක්‍ෂ වී සිරිමාවෝ මැතිණියගේ ඉතිහාසගත අරගලයට විරුද්ද වෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment