පේන්න හිටියේ නැහැ නේද? ශනුද්‍රි පෙම්වතියක් වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 19, 2017

පේන්න හිටියේ නැහැ නේද? ශනුද්‍රි පෙම්වතියක් වෙලා

කාලයක් නිර්මාණවල පේන්න හිටියේ නැහැ නේද?

මම උසස් පෙළ කළේ 2015දී. අධ්‍යාපන කටයුතුවලට තැන දීලා හිටිය නිසා වැඩිය රංගන කටයුතුවලට ආවේ නැහැ. නමුත් මම ප්‍රෝග්‍රෑම්වලට නම් ගියා.


ආයෙත් රංගනයට අවධානය දීලා වගේ?

මෙහෙමයි ඉතින්. මට ආරාධනා ලැබෙන විදියට තමයි මං භාර ගන්නෙ. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට ආරාධනා කළේ සාරංග මෙන්ඩිස් අයියා. එයා මට නිර්මාණයකට කලිනුත් ආරාධනා කරලා තිබුණා. ඒත් පාසල් වැඩ කටයුතු නිසා මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. උසස් පෙළ ඉවරයි කියලා දැන ගත්තු ගමන් නැවතත් ආරාධනා කළා. ඉතින් මම දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

අක්කා රංගන කටයුතුවලට සම්බන්ධ වෙනකොට නංගිටත් ඉවසන්න බැරි වුණාද?

එහෙම නෑ. මොකද අක්කිලටත් කලින් මම තමයි මුලින්ම ක්ෂේත්‍රයට ආවේ. වයස අවුරුදු තුනහමාරෙදි. අනික ඉතින් අපේ ගෙදරත් වැඩිපුර කතාබහ කරන්නේ කලා කටයුතු ගැනනේ.

ශනුද්‍රිට දැන් පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න කාලේ ඇවිත් නේද?

මේ නාට්‍යයේ මම රඟපාන්නේ චමල්කා කියන ප්‍රධාන චරිතය. ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන පෙම්වතියකගේ චරිතයක් ඒ චරිතය. පෙම්වතියගේ චරිතයක් රඟපාන්නේ පළමු වැනි වතාවට. මොකද මම මෙච්චර කාලයක් රඟපෑවේ ළමා චරිත. ඉතින් මේක ලොකු අත්දැකීමක්.

චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

නාට්‍ය පටන් ගත්තේ පෙබරවාරි 6 වැනිදා. නමුත් මාරම ප්‍රතිචාරයක් ලැබෙනවා. දැනට කවුරුවත් නරකක් කිව්වේ නැහැ. මුණගැහෙන හැමෝම ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ.

පුංචි තිරයේ පෙම්වතිය වුණු ශනුද්‍රි සැබෑ ජීවිතයේ පෙම්වතියක්ද කියලත් කියමු?
තාම නැහැ.

නමුත් පිරිමි ළමයින්ගේ ආකර්ෂණය ශනුද්‍රිට ඕනවටත් වැඩිය තියෙනවනේ?

ඔව්. ඒක ඉතින් ඕනම ගෑනු ළමයෙක්ට ලැබෙනවනේ.
ශනුද්‍රි මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ සිනමාවෙන්.

මෑතකදී සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද?

මුලින්ම මම රඟපෑවේ අවුරුදු තුනහමාරෙදි. ඒකත් මගෙ තාත්තිගේ ෆිල්ම් එකක්. ඔන්න බබෝ කියන චිත්‍රපටයේ මම කළේ ප්‍රධාන චරිතයක්. හැබැයි ළඟදි නම් චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ.

ශනුද්‍රි සින්දු කියන එක මඟ නතර කළාද?

මම සින්දු කළේ එකයි. මම ආසයි සංගීතය පැත්ත ගැන හදාරන්න. මම ගිටාර් ක්ලාස් යන්න පටන් ගත්තා. නමුත් ඒකත් මගේ අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු නිසා මඟ නතර වුණා. තව කල් තියෙනවනේ. ඒ නිසා හෙමිහිට ඒ වැඩත් කරගෙන යනවා.

අලුත් ගීතයක් කළොත් නරකද?

එහෙම අදහසක් නම් තියෙනවා. තාම එක තනි සින්දුවයි කළේ. ඉදිරියේදී තව ගීත කරන්න ඕන.

තාමත් මුල් තැන අධ්‍යාපනික කටයුතු පැත්තටද?

ඔව්. මගේ ඩ්ඪඨඩඥප ඉබභඤර පටන් ගත්තා. ර්චපඬඥබඪදඨ තමයි කරන්නේ. ඉතින් ඒකත් කරගෙන යනවා.
ශනුද්‍රි ඉගෙන ගන්න පැත්තෙන්ද කලා

කටයුතු පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?

මට ඕනෙ ඉගෙන ගන්න පැත්තෙන් ඉස්සරහට යන්න. මං ර්චපඬඥබඪදඨ පැත්ත ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ආස නිසා. ඒ වගේම ඒක අධ්‍යාපනයට හා කලා ක්ෂේත්‍රය යන දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. මම ඉස්සරහට යන්න කැමති යම්කිසි රැකියාවක් කරලා. නමුත් රඟපාන කටයුතුත් කරගෙන යනවා.

දිනක්ෂිට Field එකේ ලැබිලා තියෙන තැන ඔයාට ගන්න තව කාලයක් යයි නේද?
ඔව්. අපේ අක්කි ඉතින් එයාගෙ මහන්සියෙන් හදා ගත්තු තැනක් ඒක. මට ඒ තැනට එන්න කොච්චර කාලයක් යයිද දන්නෑ. නමුත් මමත් අක්කා ආපු තැනට එනවා.

අක්කා නඟෝ අතර රංගන කටයුතුවලට තරගයක් තියෙනවද?

අපෝ නැහැ. අක්කා තමයි ගොඩක්ම රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. මම ඉතින් අධ්‍යාපනය සහ රංගනය යන දෙපැත්තම කරනවනේ. තරගයක් නැහැ ඉතින්.

ඒ වුණාට අඳින පලඳින දේවල්වලට නම් අක්කා නඟෝ අතර ලොකු තරගයක් තියෙනවා නේද?

එයා අඳින්නේ එයාගෙ ඉබරතඥ එකට. මං අඳින්නේ මං ආස ඇඳුම්. එකම ජාතියේ ඒවා ඕනෙ කියලා හිතෙනවා අඩුයි. අනික එයා ගොඩක් අඳින්නේ සාරි. මං තාම සාරි ඇඳලත් නැහැ. හැබැයි එයාගෙ ඇඳුම් මම අඳිනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද කියලත් කියමු?

කරන ටෙලි නාට්‍යයට උපරිම සහයෝගය දීලා ඒක කරනවා. ඒ අතරතුර මගේ ඉගෙනීමේ වැඩත් සාර්ථකව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad