පවතින වියළි කාලගුණය හේතුවෙන් පෙරේදා (25) වන විට දිස්ත්‍රික්ක 16 ක පුද්ගලයන් 8,99,235 ක් පීඩාවට පත්ව සිටිති.
මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය, කළුතර, ගම්පහ, හම්බන්තොට, මොනරාගල, අනුරාධපුර, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවලට අයත් කොට්ඨාස 103 ක පවුල් 2,28,906 ක පුද්ගලයන්ය.
වියළි කාලගුණය සහිත දිස්ත්‍රික්කවල ජනතාවට පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 50 ක් වෙන්කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් මැදිහත්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජලය සැපයීම සඳහා එනම් ජලය සඳහා ගෙවීම්, ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම්, ජල බවුසර් රථ සඳහා ඉන්ධන, බවුසර් රියෑදුරන්ගේ සහ රිය සහායකයන්ගේ අතිකාල හා පරිපාලන වියදම් ආදිය වෙනුවෙන් රුපියල් මිලියන 32 ක් වියදම් කර ඇත.
ඊට අමතරව ලීටර් 1000 ජල ටැංකි 2370 ක් පානීය ජල අවශ්‍යතා සඳහා ලබාදී ඇති අතර තවත් ජල ටැංකි 3000 ක් ලබාගැනීමට ඇනවුම් කර ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
වියළි කාලගුණය හේතුවෙන් විනාශයට පත් වූ ගොඩබිම් හිමි ගොවීන් සඳහා මාර්තු මාසයේ සිට මාස හතරක කාලයක් අඛණ්ඩව වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.
එහිදී අක්කරයකට රුපියල් 10,000 ක වන්දි මුදලක් ගෙවීමටත් සෙසු කෘෂි භෝග වගාවට ද මෙම වන්දි ලබාදීමටත් කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.
No comments:
Post a Comment