වාහන සොරකමක් සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් පහරදීමකින් මියගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීහු පස්දෙනෙක් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරදීමෙන් සිදු වූ අභ්‍යන්තර ලේ වහනයක් නිසා මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත.
මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ සහකාර පොලිස් අධිකාරි එම්. ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ මෙම පොලිස් නිලධාරීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
වාහන මංකොල්ලකෑම් හා ගිනි අවියක් ළඟ තබාගෙන ඇති බවට සැකපිට බියගම පදිංචි චජිත් චාමල් වික්‍රමාරච්චි නමැති 44 හැවිරිදි දෙදරු පියකු පෙරේදා (25) අලුයම පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසියට රැගෙන ආ එම පුද්ගලයා හදිසියේ රෝගීවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එහිදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා මීට පෙර ද විවිධ චෝදනා සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
No comments:
Post a Comment