මෙහි ප්රධාන ආරාධිතයා වශයෙන් එක් වුයේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ඩලස් අලහප්පෙරුම මහතාය. රැස්වීම ආරම්භ වීමට ප්රථමයෙන් තේ පැන් සංග්රහය භුක්ති විදිමින් සිටින අවස්ථාවේ දී දකුණු පලාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රි හා කඹුරුපිටිය ආසන සංවිධායක ගයාන් සංජිව මහතාගේ පැමිණිම කිසිම කෙනෙකුට අදහා ගැනීමට නොහැකි විය.
ඔහු පැමිණෙන විට නිල් පැවැති කොඩි පමණක් දැකගත හැකි වු අතර එහි දී ඔහු ද විමතියටක පත්විය. පසුව සෙමින් සෙමින් ඔහු රැස්වීමට පැමිණෙන විට ඒකාබද්ධ මන්ත්රිවරුන් නෙත් අදහාගත නොහැකිව බලා සිටියේය. කෙසේ වුවද මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි කංචන විජේසේකර මන්ත්රිවරයා විසින් එජාප මන්ත්රිවරයා සාදරයෙන් පිළිගත්තේය.
අනතුරුනව එජාප මන්ත්රීවරයා ඇතුළු සියල්ල තේ පැන් භුක්ති විද සතුටු සාමීචියෙහි යෙදුණු අතර පසුව එජපා මන්ත්රීවරයා හක්මණ ප්රාදේශිය ලේකම් කාර්යාලයට විය. එතුමාට හක්මණ ප්රාදේශිය ලේකම් කාර්යාලයේ උත්සවය වෙනුවෙන් පැමිණෙන ලෙස ආරාධනා කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට සහභාගිවීමට සිදු වීම කාගෙත් සතුටට හේතු විය.
- මාතර කැළුම් -
Source : Asianmirror.lk
No comments:
Post a Comment