ටෙනිස් ශූර නොවැක් අනපේක්ෂිතව පැරදුණු හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 21, 2017

ටෙනිස් ශූර නොවැක් අනපේක්ෂිතව පැරදුණු හැටි (VIDEO)

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පසුගියවර ශූරයා වූ නොවැක් ජෙකොවිච් මෙවර තරගාවලියේදී ඩෙනිස් ස්ටොමින් හමුවේ දෙවැනි වටයේදී අනපේක්ෂිත අයුරින් පරාජයට ලක්ව තිබෙනවා.

ඩෙනිස් ස්ටොමින් ශ්‍රේණිගත කිරීම් වල පසුවන්නේ 117 වැනි ස්ථානයේයි. මෙම පරාජයේ සුවිශේෂත්වය වන්නේ ජෙකොවිච් 2008 වසරෙන් පසුව පැවති සියලුම ටෙනිස් තරගාවලිහිදී දෙවැනි වටයෙන් ඉවත්ව නොතිබීමයි.

අවසන්වරට ජෙකොවිච් ග්‍රෑන්ඩ්ස්ලෑම් තරගයක දෙවැනි වටයෙන් ඉවත්ව ඇත්තේ 2008 වසරේ විම්බල්ඩන් තරගාවලියේදී. 29 හැවිරිදි ජෙකොවිච් හයවරක් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගෙන තිබෙනවා.


 

No comments:

Post a Comment

Post Bottom Ad