මහින්දට නැවත ජනාධිපති වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.. නීතිය මෙහෙමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 14, 2017

මහින්දට නැවත ජනාධිපති වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.. නීතිය මෙහෙමයි..

වර්තමාන ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) අනුව ජනාධිපතිගේ ධූර කාලය අවුරුදු 5 වන බැවින්, එම කාලය අවසන් වීමට මාසයකට නොඅඩු මාස 2 කට නොවැඩි කාලයක් තුල ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත් විය යුතුය” ඒ අනුව වසර 2019 මැද වනවිට, එනම් එම වසරේ දෙසැම්බර් මස 8 වෙනිදාට පෙර නව ජනාධිපතිවරයා තොරා පත් කරගෙන අවසන් කල යුතුය.

තවද 2019 පවත්වනු ලබන ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට විධායකට හිමි බලතල ලබාදීමට අවශ්‍ය ආකාරයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කොට ජනාධිපතිවරණය පැවත්වීමට පෙර ජනතාවගේ කැමැත්ත ගෙන ඊට පසු එලබෙන ජනාධිපතිවරණයේ විධායක බලතල අවශ්‍ය කොටස් සංශෝධනය කොට ජනාධිපතිවරණය පැවත්වීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් නීති විශාරදයන් විසින් සකස් කරමින් පවති.

ඒසේ නොවුනහොත් 2019 දි ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂය හා අනිකුත් පක්ෂ සමඟ එක්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම හංසයාගෙන් ඉදිරිපත් විමට ඉඩ ඇත. ව්‍යවස්ථාවේ 31(2) අනුව දෙවරක්ම ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරි පත් වු බැවින් හිටපු ජනාධිපතිවරයාට තරග කල නොහැකිය.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලැබු නියෝජිතයකුට ජනාධිපතිවරණයේ දි තරග කොට ජයග්‍රහණය කිරීමට කිසිම බාධාවක් නොමැත. එමෙන්ම එසේ තේරි පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එවකට සිටින මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස දිවුරුම් දී වහාම පත් කල හැකිය. ඉන්පසු ව්‍යවස්ථාවේ 38 (1) ජනාධිපතිවරයා විසින් ධූරය හිස් කිරිම, 38 (1), (ආ) කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධූරයෙන් ඉල්ලා අස් විය හැකිය.

ඒ අනුව අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වන අතර ඔහු විසින් ඇමති මණ්ඩලයේ කෙනකු අගමැති ලෙස පත් කොට වහාම පාර්ලිමේන්තුවේ විසුරුවාලීමට කටයුතු කොට නව පාර්ලිමේන්තුව විධායක බලය පවරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නව ව්‍යාවස්ථාවක් තුල කටයුතු කිරීමට හැකියාවක් ඇත.

– වෙනුර


ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad