ඒ 2017 අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවය. අද සිට ක්රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන වාහන වලින් අය කෙරෙන ගාස්තුවල අඩු කිරීමක් සිදුවනබව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා පවසන්නේ රාත්රි 9.00 සිට පසුදින අළුයම 5.00 දක්වා එම මාර්ග වල ගමන් කෙරෙන වාහන වලින් මෙලෙස ගාස්තු අඩු කරන බවයි. අද දිනයේ සිට පන්නිපිටිය ප්රදේශයේ අලුත්වැඩියා කෙරෙමින් තිබූ මාර්ගය මංතීරු 04ක් දක්වා වැඩි කොට වාහන ධාවනය සඳහා එක් කිරීමට අපේක්ෂා කරන බවද මාර්ග සංවර්ධනය අධිකාරියේ සභාපතිවරයා පැවසුවේය.
No comments:
Post a Comment