ඉරණවිල‘අමෙරිකන් හඬ‘ රජයට පවරාගනී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 18, 2017

ඉරණවිල‘අමෙරිකන් හඬ‘ රජයට පවරාගනී 

ඉරණවිල‘අමෙරිකන් හඬ‘ රජයට පවරාගනී 
අමෙරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, “ඇමරිකන් හඬ“ (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබුණි.

එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ.

ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad