එක්සත් ජාතික පක්ෂය සහ හිටපු ජනාධිපතිවරයා අතර ගනුදෙනුවක් පවතින බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බවද අසාද් සාලි මහතා පැවසීය.
"කොහොමද මහින්ද බලයට එන්නේ? ජනාධිපති තුමාට දෝෂාභියෝගයක් ගේන්න ඕන. එතකොට අගමැතිවරයා ජනාධිපතිවෙනවා. ඊට පස්සේ අගමැතිවරයෙක් පත්වෙන්න ඕන. ඒකද මේ ගේම් ඒක? ඒකටද මේ අය ඔක්කොම ඇරස්ට් කරන්නේ නැතුව තියල තියෙන්නේ?
ඔක්කොමල බලාපොරොත්තු වුනේ 2015 ජනවාරි අටෙන් පස්සේ සාමකාමී රටක්. අන්තිමට මොකක්ද වුනේ? අපේ බලාපොරොත්තු සුන්වෙලා ගියා. එච්චරයි අපිට උනේ. හරිම කනගාටුයි." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
යහපාලනය බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබාදීම ගැන තමා ලැජ්ජාවට පත්වන බවත් වත්මන් පාලනයේ නායකයන් හමුවී සාකච්ඡා කළත් තමන්ට යුක්තිය ඉටු නොවූ හෙයින් ඒ බව ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිදුවූ බව අසාද් සාලි මහතා පැවසීය.
"මාස විසිතුනක සංහිඳියාව කෝ? සංහිඳියාවක් තිබුනානම් අද රට මේ තත්වයට පත්වෙන්නේ නැහැ.
අද මහින්ද රාජපක්ෂ මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. මේ ස්වාධීන කොමිෂන් ගැන විශේෂයෙන්ම කතා කළේ මම. අපේ ආණ්ඩුව පත්වුනා, ස්වාධීන කොමිෂන් ටික දුන්න, නීතිය අතට ගන්න ඕන නැහැ, පොලිසිය වැඩේ කරයි කියල අපි පම්පෝරි ගැහුවා.. හැබැයි කෝ? ලැජ්ජයි මට. මේ ආණ්ඩුවද බලයට ගෙනාවේ කියල මම මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන." යනුවෙන් අසාද් සාලි ප්‍රකාශ කළේය.
"මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ අප සතුව පැමිණිලි 476ක් තිබුණ. මේ ආණ්ඩුවේ මාස විසිතුනට පැමිණිලි 223ක් තියෙනවා. අද වනතුරු මගේ රජය මේ ගැන කිසිම ක්‍රියාදාමයක් අරගෙන නැහැ. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ කැම්පේන් කරපු මට පාරේ බැහැල යන්න බැහැ.
මිනිස්සු අහනවා තමුසේ ගෙනාපු රජය අපිට කෙලිනවා කියල. එහෙම අහනකොට මට උත්තරයක් නැහැ දෙන්න." යැයිද හෙතෙම සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ ජිනීවා ගොස් ආපසු ශ්‍රී ලංකාවට එමින් සිටි අතරවාරයේ ලන්ඩනයේ බීබීසී මාධ්‍ය ආයතනයට පැමිණි අවස්ථාවේදී ය.

No comments:
Post a Comment