සෞඛ්‍ය මුල් පුටුව වෙනස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 3, 2017

සෞඛ්‍ය මුල් පුටුව වෙනස් වෙයි

සෞඛ්‍ය මුල් පුටුව වෙනස් වෙයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරක වශයෙන් වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්වීම හේතුවෙන් මෙම පුරප්පාඩුව ඇති විය.

ඒ අනුව අද (03) දින වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නව තනතුරේ වැඩ ඇරඹීමට නියමිතයි. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අතර සීතල යුද්ධයක් පැවැති බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඔවුහු එම අදහස් ප්‍රතික්ෂේප කළහ. 

1982 වසරේ දී දන්ත වෛද්‍යවරයකු වශයෙන් රාජ්‍ය සේවයට එක් වුණු බණ්ඩාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.  1984 වසරේ දන්ත චිකිත්සක විදුහලේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව එහි විදුහල්පති ලෙස පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad