රිවිර හිමිකරු ඉරුදින සහ සන්ඩේ ලීඩර් මිලදී ගනී! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 7, 2017

රිවිර හිමිකරු ඉරුදින සහ සන්ඩේ ලීඩර් මිලදී ගනී!

රිවිර පුවත්පතේ ආයතනයේ හිමිකරු වන එංගලන්තයේ පදිංචි නිලංග රාජපක්ෂ විසින් සන්ඩේ ලීඩර් පුවත්පත සහ ඉරුදින පුවත්පත මිලදී ගෙන ඇතැයි රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ මිලදී ගෙන ඇත්තේ එහි මුද්‍රණ යන්ත්‍රයද සමඟ බව සඳහන් වේ.කෙසේ වෙතත් එසේ මිලදී ගන්නා විට රිවිර පුවත්පතට තවත් ආයෝජකයකු එකතු වී ඇතැයි සඳහන් වේ. ඒ සියත මාධ්‍ය ජාලයේ හිමිකරුවකුව සිටි සංගීතා වීරරත්නගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුමය.ඔහු මෙලෙස මැදි වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ උපදෙස් මත බවත් රිවිරට යෙදවීමට යන මුදල් එම මුදල් බවත් ආරංචි මාර්ග පවසයි.එම මුදල් යොදවන්නේ කුමන අරමුණකින්ද යන්න තවමත් පැහැදිලි නැත.

මෙලෙස රිවිරට මුදල් යොදවන විට රිවිර දිනපතා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයත්,ප්‍රවෘත්ති කර්තෘවරු දෙදෙනකුත් අස්වීම් ලබාදී ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් මේ මාධ්‍ය සටන හේතුවෙන් ඉදිරියේදී මාධ්‍ය ආයතන තුළ පෙරලි රැසක් සිදුවීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad