ලොතරැයි පතක මිල රුපියල් තිහක් දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් එම අලෙවි නියෝජිතයන් ඊයේ (01) දිනයේ ලොතරැයි පත් අලෙවි කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථානවල ටිකට්පත් අලෙවිය 95%කට පහළ වැටී ඇති බව වාර්තා වේ.
විවිධ ප්‍රදේශවල අලෙවි නියෝජිතයන් කීපදෙනකු ඊයේ පෙරවරුවේදී ටිකට්පත් අලෙවිය සඳහා එම මධ්‍යස්ථාන වෙත පැමිණ සිටියද පසුව පැය කීපයකින් ඔවුන්ද එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් ඇති බවද සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ කැඳවුම්කරු පද්මසිරි මූණගොඩ මහතා පැවසී ය.
ලොතරැයි බද්ද ක්‍රියාත්මකයි...
පසුගිය අයවැයෙන් ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පියවර ගත් අතර එම බද්ද ඊයේ (01) සිට ක්‍රියාත්මක වේ. මේ සමඟ ලොතරැයි පතක මිල රුපියල් 30 දක්‌වා ඉහළ යාමට නියමිතය.
මේ නව බද්ද අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශපත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක් සඳහාම 15% ක් හෝ ප්‍රවේශ පත්‍රයකට රුපියල් 5 ක් යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක් අයකරනු ලබන බව රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ නව බද්ද නිසා ලොතරැයි අලෙවිය අඩුවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. ලොතරැයි අලෙවි නියෝජිතයෝ මේ නව බද්දට බලවත් විරෝධය පළකර සිටින අතර ඔවුන්ගේ කොමිස් ප්‍රතිශතයද අඩුවී ඇතැයි චෝදනා කරති.
විශාලතම කොමිස් මුදල අලෙවිකරුවන්ට...
ලොතරැයි පත් අලෙවිකරුවන්ට සියයට 17.5ක කොමිස් මුදලක් හිමිවන බවත් ප්‍රතිශතාත්මකව විශාලතම කොමිස් මුදල ලබා ගන්නේ ලොතරැයි පත් අලෙවිකරුවන් බවත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයිපතකින් රුපියල් 8ක හෝ 9ක මුදලක් ඉල්ලා සිටින බවත් දිනුම් වාර ලබා දීම හා මහජන සුභසාධන කටයුතු සිදුකිරීමේ අරමුණින් ලොතරැයි මිල වැඩිකළ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ වෙතත් ලොතරැයි පතක මිල රුපියල් තිහක් දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන බවට දැඩි තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ.
ලොතරැයි පත් අලෙවිය නවතී....
සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය මීට පෙර සඳහන් කර සිටියේ ජනවාරි මස 1 වැනිදා සිට ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළහොත් එදින සිට දිවයින පුරා ලොතරැයි පත් අලෙවි කිරීමෙන් වැළකී සිටින බවයි.
රජය ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වී හේතුවෙන් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය ලොතරැයි පත් අලෙවි කටයුතුවලින් ඊයේ ඉවත් වීමට තීරණය කළේය. තවදුරටත් විරෝධය පළ කිරීම සඳහා ජනවාරි මස 03 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් ඒ සඳහා සියලු ලොතරැයිපත් අලෙවිකරුවන්ට සහ පාරිභෝගික ජනතාවට ආරාධනා කරන බවත් එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කළේය.
ආණ්ඩුව තම ඉල්ලීම් නොසලකා හරිමින් ලොතරැයි මිල වැඩි කළහොත් තමන් ඉල්ලුම් කළ කොමිස් මුදල ලබාදිය යුතු අතර ලොතරැයි දිනුම් සඳහා ලබාදෙන මුදල වැඩිකළ යුතු බවද මාරඹගේ මහතා සඳහන් කළේය. මහජන සුබසාධනය සඳහා ආරම්භ කළ ලොතරැයි පත මඟින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වෙමින් පවතින බවත් හතළිස් දහසකට ආසන්න පිරිසක් ලොතරැයි පත් අලෙවි කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
“ජාතික ලොතරැයි මණ්ඩලයෙවත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙවත් වුවමනාවට නෙවෙයි මේ දේවල් වෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවට. ආණ්ඩුව හදනවා මේ ආයතන දෙක පාඩු ලබනවා කියලා පෙන්වන්න. ඒ මොකකටවත් නෙවෙයි මුදල් අමාත්‍යාංශය උත්සාහ කරනවා මේ ආයතන දෙකත් පෞද්ගලීකකරණය කරන්න. අපට ඒ ගැන බරපතළ සැකයක් තියෙනවා.
අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින්නෙ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න කියලයි.“ යැයිද ක්‍රිෂාන්ත මාරඹගේ මහතා අවධාරණය කළේය. ලොතරැයි පත් අලෙවිකරුවන්ට රවීගෙන් රතුඑළියක් මේ සම්බන්ධයෙන් කොළඹ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූයේ ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අලෙවි නියෝජිතයන් සූදානම් නොමැති නම්, එම අවස්ථාව නවක තරුණ තරුණියන්ට ලබාදීමට කටයුතු කරන බවයි.
මෙලෙස ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලොතරැයි අලෙවි නියෝජිතයින් උද්ඝෝෂණවල නිරතවීම කිසිසේත් අනුමත නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණ ලබා ගැනීමට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් බවද කියා සිටියේය.
මේ වන විට ලොතරැයිපත් වර්ග 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වන අතර දිනකට ලොතරැයි පත් ලක්‍ෂ 45ක් පමණ අලෙවි වේ. ආණ්ඩුව ඉන් මිලියන විස්සක් පමණ ආදායමක් උපයයි.
ජාතික ලොතරැයි මණ්ඩලය...
දිවංගත අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා 1949 වසරේ පළාත් පාලන අමාත්‍යවරයාව සිටියදී එවකට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ලොතරැයියක් ඇරඹිය යුතු යැයි මතු කල අදහස 1954 වසරේදී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබ වූ ඊ.ඒ.නුගවෙල මහතාගේ යෝජනාවක් මත ජාතික ලොතරැයි මණ්ඩලය බිහිවිය.
ඒ අනුව, 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත මගින් ආරෝග්‍යශාලා ලොතරැයිය ආරම්භ විය. මෙම ලොතරැයියේ මිල ශත 50 ක් විය. ලාංකේය ජනතාව අතර, මෙම ලොතරැයිය දිනෙන් දින ජනප්‍රියත්වයට පත් වූ අතර, ඵලදායී ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවීය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පමණක් සීමා වී පැවති ආරෝග්‍යශාලා ලොතරැයිය පුළුල් ජාතික සංවර්ධනයකට අවැසි මුදල් උපයා ගැනීමේ අපේක්‍ෂාවෙන් ආරෝග්‍යශාලා ලොතරැයිය වෙනුවට 1963 අංක 11 දරණ මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ඇරඹිණි.
ජාතික ලොතරැයි මණ්ඩලය නමින් ඇරඹි මුල්ම ලොතරැයියේ දිනුම් ඇදීම 1964 පෙබරවාරි 20 දින නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරිණි. ඉන් අනතුරුව විවිධ ලොතරැයි ආරම්භ කළ අතර, අද වන විට මහජන සම්පත, වාසනා සම්පත, ගොවිසෙත, සුපිරි වාසනා සම්පතේ හා ජාතික සම්පත නමින් දිනුම් අදින ලොතරැයි හා සෙවණ සමෘද්ධි නමින් ක්‍ෂණික ලොතරැයි පවත්වාගෙන යනු ලබයි.
මෙම ලොතරැයි වලින් ලැබෙන ආදායමෙන් කොටසක් වැය වන්නේ රටේ දැවැන්ත සංවර්ධන කටයුතු උදෙසාය. 'මහජන සම්පත' හා 'වාසනා සම්පත' ලොතරැයි වලින් ලැබෙන ආදායමෙන් කිසියම් ප්‍රතිශතයක් රටේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලටද, අනෙකුත් ලොතරැයි වල ආදායමෙන් ප්‍රතිශතයක් කෘෂිකර්ම, සෞඛ්‍ය, කම්කරු, ආරක්‍ෂක, ක්‍රීඩා, සමාජ සුභ සාධන, නිවාස හා ඉදිකිරීම්, සමෘද්ධි යන අමාත්‍යාංශය වෙතද බැර කෙරේ.
'එයාර්පෝර්ට් සුපර් ඩ්‍රෝ' නමින් ලොතරැයියක්ද ජාතික ලොතරැයි මණ්ඩලය ක්‍රියාත්මක කරන අතර එහි ආදායමින් කොටසක් වැය කරනුයේ කටුනායක ගුවන් තොටුපල සංවර්ධන කටයුතු සඳහාය.
සංවර්ධන ලොතරැයිය...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කිරීමේ අරමුණ වන්නේ ත්‍යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායකත්වය ලබා දීමටයි. සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දා ආරම්භ කර ඇති අතර නවාංගීකරණය අතින් මෙන්ම, පෙර ගමන්කරුවකු වශයෙන්ද ශ්‍රී ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානය වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

No comments:
Post a Comment