ජනපතිගේ රැපියල් දහයේ සරලම ප‍්‍රශ්ණයකින් මහා ආර්ථික විද්‍යාඥ මුදල් ඇමති හාන්සියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 16, 2017

ජනපතිගේ රැපියල් දහයේ සරලම ප‍්‍රශ්ණයකින් මහා ආර්ථික විද්‍යාඥ මුදල් ඇමති හාන්සියි..

ලොතරැයි මිල ඉහල දැමීමට එරෙහිව ලොතරැයි අලෙවිකරුවන් පවත්වන විරෝධය සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායකගෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විමසු පැනයක් හේතුවෙන් ඔහුට කට උත්තර නැතිව ගොස් ඇති බව වාර්තා වෙයි.

ලොතරැයි අලෙවිකරැවන් තමන් මුණගැසෙන්නට පැමිණ ඔවුන් සාධාරණය විරෝදය ඉදිරිපත් කල බවත් එම සංගමයේ වැඩි පිරිස එජාප පාක්‍ෂිකයින් බවත් ඔවුනට සාධාරණයක් කල යුතු බවත් ජනාධිපතිවරයා මුදල් ඇමතිට පෙන්වා දී ඇත. මුදල් ඇමතිවරයා ගත් කටට කියා ඇත්තේ ඔවුන් එජාපයේ වී ඇත්තේ මෑතකදී බවත් ලොතරැයි මිල පහල දැමීම කල නොහැක්කක් බවත්ය.

ලොතරැයි මිල රැපියල් 30 වුණත් ලොතරැයි දිනුමක අවම තෑගි මුදල තවමත් රැුපියල් 20 සීමාවේ පැවතීම විහිළුවක් බවත් අවම තෑග්ග දිනපු අයෙකුට රුපියල් 10ක් පාඩු වන බවත් එසේ වන්නේ ඉතිහාසයේ පලමු වරට බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් විට මුදල් ඇමති කිසිත් නොකියා ඒ ගැන සොය බලන බව පමණක් කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad