පසුගිය දෙවසරක කාලය තුල රජය ක්‍රියාත්මක කල අදූර දර්ශි වැඩපිළිවෙළ නිසා රටේ ජනතාවට විශාල පීඩාවන් රාශියකට මුහුණ දීමට නව වසර උදාවිමත් සමඟ එලබේ. මෙම අර්බුදය සම්බන්ධයෙන් කල් වෙලා ඇතිව සුදානම් නොවිම කෙටිකාලීන හා මධ්‍යය කාලින වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක නොකිරීම මීට ප්‍රධාන හේතුවයි.
1. පොහොර ජලය හිගය නිසා හාල් අර්බුදය:
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22 කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 ( පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු අතරේ මුදා හැරිම සහ නව රජය පැමිණිමත් සමඟම පොහොර රුපියල් 350 ට කිලෝග්‍රෑම් 50 ක මිටියක් ගොවියාට සහනාධාර වශයෙන් ලබාදීම නවතා කූපන් ක්‍රමයක් මගින් පොහොර වෙනුවට දීර්ඝ ක්‍රමවේදයක් මගින් මුදල් බැංකුවට බැර කිරිම, රජයේ ජල කලමාණාකරන ප්‍රතිපත්තිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම මෙන්ම ගොවි ජනතාවට රජයක් විසින් දිය යුතු නිසි දිරිගැන්වීම නොකිරිම සහ බත ප්‍රධාන ආහාරය කරගත් කෘෂිකාර්මික රටක් වූ අපේ රටේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරීම.
2.බලාගාර නොමැතිව විදුලි අර්බුදය :
“ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල බව මේ ඉරිදා ලංකාදීප පුවත්පතේ පලවි තිබුනි, විදුලිබල නියෝජ්‍යා ඇමති අජිත් පී පෙරේරා හිරු නාලිකාවේ “බලය” වැඩසටහනේ පැවසුවේ ” පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට තීරණය කල බවයි,,
ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.
ඉහත කරුණු අනුව 2017 වසරේ ජාතික විදුලි බල පද්ධතියය සාම්පූර් ගල් අගුරු බලාගාරය හරහා එක් කිරීමට තිබු මෙගා වෝට් 400 නොලැබීම හා ජලාශවල නියඟය උත්සන්න වීම හේතුවෙන් ජල විදුලි බලාගාර ජාතික පද්ධතියය ලබාදීමට හැකි ධාරිතාවය 60% සිට 20% දක්වා මේ වනවිට පහත වැටි ඇති අතර සාම්පුර් බලාගාරය නිමකොට තිබුනේ නල් රුපියල් 5 ශත 90 වට ගත හැකිව තිබු විදුලි ඒකකයක් මේ දිනවල තාප විදුලි බලාගාර මගින් රුපියල් 36 කට වැඩි මුදලක් ගෙවා පුද්ගලික අංශය මගින් ද මිලදී ගනිමින් සිටි,
3. පලාත් පාලනය ආයතනයකන් අක්‍රීය නිසා වසංගත රෝග උග්‍ර වීම :
රටේ නගර සභා මහ නගර සභා මෙන්ම සියලුම ප්‍රාදේශිය සභා වසරකට වැඩි කාලයක් ඒවායේ ඡන්දය පැවත්වීම රජය මගින් හිතාමතාම කල් දැමිම හේතුවෙන් එකි මහජන නියෝජිතයින් පත් වී නොමැති නිසා එහි පරිපාලනය සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වය පත් වී ඇත. ගමේ කානුව බෝක්කුව මෙන්ම නගරයේ කැලි කසල ඉවත් කිරීම මෙන්ම නාගරික සහ ග්‍රාමීය සනිපාරක්ෂක කටයුතු මෙන්ම මහජන සුව සේවාවන් නිසියාකාරව නොකිරීම නිසා මේ වනවිට දරුණු වසංගත රෝග බෝවීමට අවදානම පහල වී ඇත. වසර 50 කට පසු ඩෙංගු රෝගීන් 50000 ක්ට අධික පිරිසක් 2016 වසරේ මියගිය අතර දිනෙන් දිනම බෝවෙන රෝග වැඩිවීම රජයේ නිසි සැලසුම් නොමැතිකම නිසා නව වසරේ උග්‍ර වනු ඇත.
lanka C news | ලංකා සී නිවුස්
Sunday, January 1, 2017
Home
අනාවරණ
නව වසර උදාවීමත් සමඟ තුන් බිය පහලවේ.. පොහොර, ජලය නැතිව හාල් අර්බුදය.. බලාගාර නැතිව විදුලි අර්බුදය.. වසංගත රෝග..
නව වසර උදාවීමත් සමඟ තුන් බිය පහලවේ.. පොහොර, ජලය නැතිව හාල් අර්බුදය.. බලාගාර නැතිව විදුලි අර්බුදය.. වසංගත රෝග..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment