ලොතරැයි පතක මිල රු. 30ක්‌ වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

ලොතරැයි පතක මිල රු. 30ක්‌ වේ

පසුගිය අයවැයෙන් ලොතරැයි සඳහා නිෂ්පාදන බද්දක්‌ හඳුන්වා දීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පියවර ගත් අතර එම බද්ද ඊයේ (01 දා) සිට ක්‍රියාත්මක වේ. මේ සමඟ ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා ඉහළ යැමට නියමිතය.

මේ නව බද්ද අනුව අහඹු ලෙස දිනුම් අදිනු ලබන අයිතිකරුවන් සඳහා අංක කරන ලද ප්‍රවේශපත්‍ර විකිණීමෙන් සහ ත්‍යාග ප්‍රදානයෙන් මුදල් උපයනු ලබන සෑම ලොතරැයියක්‌ සඳහාම 15% ක්‌ හෝ ප්‍රවේශ පත්‍රයකට රු. 5 ක්‌ යන දෙකෙන් වැඩි අගය මත නිෂ්පාදන බද්දක්‌ අයකරනු ලබන බව රජය විසින් කළ නිවේදනයක සඳහන් වේ.

මේ නව බද්ද නිසා ලොතරැයි අලෙවිය අඩුවනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ. ලොතරැයි අලෙවි නියෝජිතයෝ මේ නව බද්දට බලවත් විරෝධය පළකර සිටින අතර ඔවුන්ගේ කොමිස්‌ ප්‍රතිශතයද අඩුවී ඇතැයි චෝදනා කරති.

No comments:

Post a Comment

Post Bottom Ad