ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට ජාතෙික සමගි පෙරමුණු නායක අසාද් සාලි පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් මේ වසරේදී ආණ්ඩුව පෙරලා දමන්නේ යයි ප්‍රකාශ කර ඇත්තේ ඒ අරමුණින් බවද ඔහු පෙන්වා දෙයි. බීබීසී සේවය සමග අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක්, ඒකාබද්ද විපක්‍ෂය ආසන 52ක්, දෙමල සන්දධානය ආසන 16ක් හා ජවිපෙ ආසන හයක් නියෝජනය කරයි. ඒ සියල්ලේ එකතුව 180කි. දෝෂාභියෝගයක් සම්මත කිරීම සදහා උවමනා ප‍්‍රමාණයට වඩා ආසන 30ක් එම එකතුවේ වන අතර එවන් අවස්ථාවක 25-30ක ප‍්‍රමාණයක් නොලැබීයාමේ ඉඩක්ද ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් දන්වා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ගෙන එනු ලබන ව්‍යවස්තා සංශෝධනයකට සහාය දෙන බවයි. ජවිපෙද ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපති ධුරයට විරුද්දය.



lanka C news | ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad