දුප්පත්කමින් මිදෙන්නට වකුගඩු විකුණූ කඳුරට මිනිස්සු (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 7, 2016

දුප්පත්කමින් මිදෙන්නට වකුගඩු විකුණූ කඳුරට මිනිස්සු (PHOTOS)

දුප්පත්කමින් මිදෙන්නට වකුගඩු විකුණූ කඳුරට මිනිස්සු (PHOTOS)
ශ්‍රී ලංකාව තුළ මිනිස් අවයව විකිණීමේ මහා පරිමාණ ජාවාරම් සිදුවන බව මීට වසර කිහිපයකට පෙර සිටම වාර්තා විය.
මේ තත්ත්වය වැඩි වශයෙන් කන්ද උඩරට වතු ආශ්‍රිත දිළිඳු පවුල් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ අතර මෙරට තුළ මෙන්ම විදේශීය රටවලටද වකුගඩු අළෙවිය සිදුවිණි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු පවුල්වල විශාල පිරිසක් මේ ආකාරයට සිය වකුගඩුව අළෙවි කර තිබිණි. ඉතා පහල ආර්ථික මට්ටමකින් යුතුව ජීවත්වන පවුල්වල පිරිමින් ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්නට තැරව්කරුවන්ට රැවටී රුපියල් ලක්ෂ 05ක් වැනි මුදලකට තම වකුගඩුව විකුණා ඇත.

එහෙත් ඉන් බොහෝ දෙනකුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 03කටද වඩා අඩු මුදලක් බවත් ඉතිරි මුදල් අතරමැදි තැරව්කරුවන් ලබාගෙන ඇති බවත් වකුගඩු විකුණු ජනතාව හා ඒ පවුල්වල ඥාතීන් පවසයි. මේ වනවිට ලබාදුන් මුදලත් නොමැතිව රැකියාවක් කිරීමට ද නොහැකිව උකුවෙල ප්‍රදේශයේ පවුල් රැසක් අසරණ වී ඇති බවට ලැබුණු තොරතුරත් සමඟ අප එම පවුල් සොයා ගවේෂණයක නිරතවීමු.

මෙහිදී අපට හමුවූ බොහෝ දෙනකු කියාසිටියේ ණය ගෙවා ගැනීමට, නිවසක් සදා ගැනීමට සහ දරුවන්ට ඉගැන්වීමට මුදල් සොයා ගැනීමේ අරමුණ ඇතිව තැරව්කරුවන්ගේ වහසි බසට රැවටී සිය වකුගඩුව මුදලට දුන් බවයි. අවසානයේ තමන් රෝගීන් බවට පත්වී මුදලත් අහිමිවී වකුගඩුවත්, නිවසත් අහිමිවී සිටිය තත්ත්වයෙන්ද පහලට වැටි අසරණ තත්ත්වයට පත්ව සිටින බව ඔවුන්ගේ බිරින්දෑවරුන් හඬා වැටෙමින් පැවසීය.

තැරව්කරුවන් තවමත් ජනතාව රවටමින් වකුගඩු විකිණීම සිදු කරමින් සිටින බවත් එලෙස වකුගඩුව මිලදී ගන්නා පුද්ගලයින් ද තමන් දෙස නොබලන බවත් මෙම අසරණ මිනිසුන් කියාසිටියේය.

ඡායාරූප පහතින්....












දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad