'නාඩා' කුණාටුව ලංකාවට: අනතුරු අැඟවීම් නිකුත් වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 1, 2016

'නාඩා' කුණාටුව ලංකාවට: අනතුරු අැඟවීම් නිකුත් වේ

'නාඩා' කුණාටුව ලංකාවට: අනතුරු අැඟවීම් නිකුත් වේ
මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වන බවත්, එම වෙරළ ප්‍රදේශ ආසන්නව මීටර් 03ක් පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබදව වඩා සැලකිලිමත් වන ලෙසත් වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට (නාඩා) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී මුලතිවු සිට කි.මී. 400 ක් පමණ නැගෙනහිර දෙසින් (ආසන්න වශයෙන් උතුරු අක්ෂාංශ 9.5 හා නැගෙනහිර දේශාංශ 84.3 ආශ්‍රිතව) පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය වයඹ ‍‍දෙසට බරව ‍යාපනය අර්ධද්වීපය ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අ‍පෙක්ෂා ‍කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම සුළි කුණාටු තත්ත්වය අද (01) මධ්‍යම රාත්‍රියේදී උතුරු තමිල්නාඩු ප්‍රදේශය හරහා ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට (02) දිනයේදීත් උතුර, නැගෙනහිර, උතුරු - මැද පළාත්වලත් දිවයිනට උතුර සහ නැගෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් විටින් විට තද වැසි සහ විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් සඳහන් වේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල දැනට පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී.70-80 ඇති වියහැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad