සිතාසි බෙදන්නා අල්ලස් ගනිද්දී මාට්ටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

සිතාසි බෙදන්නා අල්ලස් ගනිද්දී මාට්ටු

සිතාසි බෙදන්නා අල්ලස් ගනිද්දී මාට්ටුඋතුරුමැද පළාතේ අධිකරණයකට අනුයුක්තව රාජකාරී කටයුතු කරන සිතාසි ක්‍රියාකරුවෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ එම කොමිසට ලද පැමිණිල්ලක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

හිගුරක්ගොඩ අධිකරණ බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කහටගස්දිගිලිය අධිකරණයේ නඩුවක් ඇති බව පවසා සිතාසියක් බාරදී එම පුද්ගලයා පදිංචි ලිපිනය සොයා ගත නොහැකි බවට අදාළ අධිකරණයට වාර්තා කිරීම සඳහා සැකකරු විසින් රුපියල් 5,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

අදාළ සැකකාර සිතාසි ක්‍රියාකරු එම රුපියල් 5,000 අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad