පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කටානේදී වෙඩි තබති.. රෝහල්ගත කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 26, 2016

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කටානේදී වෙඩි තබති.. රෝහල්ගත කරයි..

රාත‍්‍රී මුර සංචාරයේ නිතරව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට කටාන, කටිවෙල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම නිසා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සැකකටයුතු ලෙස හැසිරුනු දෙදෙනෙකු පරීක්‍ෂා කරද්දී ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියාගේම රිවෝල්වරයක් උදුරා මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.

පසුව රිවෝල්වරයද රැගෙන සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර රෝහල්ගත කර සිටින කොස්තාපල්වරුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවේ.

No comments:

Post a Comment

Post Bottom Ad