කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි

කරුණාගේ ඇප ඉල්ලීම විසිවෙයි
හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (05) ප්‍රතික්ෂේප කළේය.

බන්ධනාගාරය තුළ ආරක්ෂාවට තර්ජනයක් පවතින බැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා  විත්තිකරුට ඇප නියම කරන ලෙස  එම පාර්ශවයේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට විරෝධය පළකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේ ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කර නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවයි. එමෙන්ම ලියාපදිංචි නොකරන වාහනයක් සඳහා ලබා දෙන රහසිගත අංකයද එම වාහනය සඳහා ලබා ගෙන නොමැති බව පොලිස් මූල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර ලබන 07 වනදා එම ඉල්ලීම පිළිබඳ වැඩිදුර සලකා බැලීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad