බැසිල්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 5, 2016

බැසිල්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කරයි

බැසිල්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කරයි
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස් ගතවීමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින්නැයි පනවා ඇති නියෝගය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු විදෙස් ගතවන කාල සීමාවට අවලංගු කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.

මල්වානේ ඉඩමක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පූගොඩ අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කර තිබෙන අතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මාස තුනක් අමෙරිකාවට යෑමට අවසර ඉල්ලා ඔහු මහාධිකරණයට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව දෙසැම්බර් 10 වැනිදා ලබාදීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad