විග්නේෂ්වරන්ට කෝටි 42ක වාහනයක්‌…සිංහලයන්ට ඒකීය ලේබලය ජාතිවාදයට පෙඩරල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 4, 2016

විග්නේෂ්වරන්ට කෝටි 42ක වාහනයක්‌…සිංහලයන්ට ඒකීය ලේබලය ජාතිවාදයට පෙඩරල්

දික්‌ වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳ
වක්‌නු පොරන සිංහල අත් යුවල අද
ඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳ
ලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙන වද..?


ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි ඉහත කව ලීවේ අප නිදහස ලබා ගැනීමට පෙරය. “අසිපත ගෙන දික්‌ වූ අත නැවතත් වක්‌වූයේ පරසතුරාගේ ගෙල සිඳ මිස නිකම් නොවේ. එහෙව් වූ නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියන සිංහලයන් අද පරසුද්දා ඉදිරියේ නිවටව දණින් වැටී සිටී. එය දැක ලක්‌මාතාව කඳුළු හෙලන අන්දම ඔබට පෙනෙනවද? යනු එහි අදහසයි. මහින්ද හිමිගේ එම කවිය එදාටත් වඩා අදට කෙතරම් ගැලපේ දැයි මට සිතේ.

වසර 30 කට අධික කාලයක්‌ රට පෙළු ත්‍රස්‌තවාදය නිම කළේ අපේ රණවිරුවන්ය. දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළේ උතුරට වෙනම පාලන බලයක්‌ ලබා ගැනීමටය. ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තය වූයේ සම්බන්ධන්, සුමන්දිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයයි. ත්‍රස්‌ත්‍රවාදයට එරෙහිව කළ යුද්ධය අප ජයග්‍රහණය කරන විට රණවිරුවන් 29000 ක්‌ මියගොස්‌ 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබුණි. 

රණවිරුවන් සමස්‌ත ජාතියටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබා දුන්නේ එවන් වූ උදාර කැපවීමක්‌ කරමිනි. නමුත් අද උදා වී ඇති තත්ත්වය කුමක්‌ද? අප විසින් පරාජය කළ ත්‍රස්‌තයන්ගේ දේශපාලන මැරයන් ඉදිරියේ වර්තමාන පාලකයන් නිවටව වැඳ වැටී උන් ඉල්ලන සියලුම දේ ලබා දෙමින් සිටීමයි. ජනතාව රජයක්‌ පිහිටුවීමට පාලකයන්ට ඡන්දය දෙන්නේ රටේ අභිමානය රකිමින් රට පාලනය කිරීමට මිස රටේ අභිමානය කෙලසමින් බලයේ සිටීමට නොවේ. 

පාලකයන් එසේ කරන්නේ නම් ඔවුන්ව වහාම බලයෙන් නෙරපා හැරීමට එසේ ඡන්දය දුන් ජනතාවම පෙළ ගැසිය යුතුය. මෙවරත් රජය දෙමළ සන්ධානයට මිය ගිය ත්‍රස්‌තනායකයා ඇතුළු කොටි ත්‍රස්‌තයන් සැමරීමට අවසර ලබා දුනි. මිනීමරු කොටි නායකයාගේ ඡායාරූපය රැගත් යතුරුපැදි පෙරහැරක්‌ ඇතුළුව සැමරුම් උත්සවය පැවැත් වූයේ 51 වන හමුදා සේනාංකය අසලය. යාපනය විශ්වවිද්‍යාලය තුළද කොටි සැමරුම් උත්සවයක්‌ පවත්වා තිබුණි. 

මෙයද අද පාලකයන් බලාපොරොත්තු වන සංහිදියාව? දිවි පරදුවට තබා සටන් කරමින්, ත්‍රස්‌තයන් හා යුද වැදුණු රණවිරුවන් සිරගෙට දමමින්, ත්‍රස්‌තවාදීන්ව සිරෙන් නිදහස්‌ කරමින්, මිය ගිය ත්‍රස්‌තයන් මහත් වූ හරසරින් සමරන්නට ඉඩ දේ නම් ඔවුන් රටට ආදරය කරන පාලකයන්ද එසේත් නැත්නම් කොටින්ට ලෙන්ගතු උන්ගේ බසට අවශ්‍ය වූ නිවටයන් පිරිසක්‌ද යන්න පිළිබඳව දැන් ජනතාව හොඳින් තේරුම් ගෙන තිබේ.

යුදෙව්වන් අමු අමුවේ ඝාතනය කළ ජර්මන් ජාතික හිට්‌ලර්ව අද ජර්මනිය පවා සමරන්නේ නැත. අමෙරිකාවේ ද්විත්ව කුලුනට ප්‍රහාර එල්ල කොට අමෙරිකානුවන් තුන් දහසකට ආසන්න පිරිසක්‌ මරා දැමූ අල්කයිඩා ත්‍රස්‌තකල්ලියේ නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු මියගිය අල්කයිඩා ත්‍රස්‌තයන්ව අමෙරිකාවේදී සැමරීමට එහි පාලකයන් ඉඩ දෙයිද? එසේ ඉඩ දුනහොත් ඇමරිකන් ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? 

අපේ රටේ එසේ සිදුවෙමින් පවතී. දහස්‌ ගණනක්‌ අහිංසක රටේ ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ත්‍රස්‌තයන් සැමරීමට ත්‍රස්‌තයන්ගේ දේශපාලඥයන්ට අවසර දී තිබේ. නමුත් රටේ ජනතාව තවමත් ඒ සම්බන්ධයෙන් නිහඬය. ප්‍රංශයට ත්‍රස්‌තප්‍රහාරය එල්ල වූ විගස ප්‍රංශ ගුවන් නියමුවන් සිරියාවට බෝම්බ දමා අහිංසක කාන්තාවන් දරුවන් සියගණනක්‌ මරා දැමූ අන්දම අප දුටු වෙමු. 

එම මෙහෙයුම දියත් කළ ප්‍රංශ ගුවන් නියමුවන් ඊළඟ රජය යටතේ යුද අපරාධ චෝදනා මත සිරභාරයට ගනියිද? එවිට ප්‍රංශ ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? නමුත් අපේ රණවිරුවන් විශාල සංඛ්‍යාවක්‌ මිය ගියේ ආබාධිත තත්ත්වයට පත් වූයේ අහිංසක දෙමළ ජනතාව තෝරා බේරා ගෙන සටන් කිරීමට ගිය නිසාය. එවන් වූ අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වර්තමාන රජය පිඹුරු පත් සකසන විට රටේ ජනතාව නිහඬය. 

ඒ නිහඬ බව වර්තමාන රජය වරදවා තේරුම් නොගත යුතුය. නිහඬ බව ඉවසීමේ ලක්‍ෂණයකි. ඉවසීමට සීමාවක්‌ තිබේ. එම සීමාව ඉක්‌මවා ගියහොත් දේශයට ද්‍රෝහි වූ සියලුම පාලකයන්ට ජනතාව දඬුවම් දෙනු ඇත. වර්තමාන රජය බලයට පත් වූ දා සිට කළේ රණවිරුවාට හිරිහැර කිරීමය. ඔවුන් යුද්ධයේ ජයග්‍රහණයට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් සාවද්‍ය චෝදනා මත වසරකට වඩා සිරකොට තැබීය. ඔවුනට තවමත් වේතනය ගෙවන්නේ නැත. 

යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තුන් දෙනෙක්‌ කුඩුකාරයන් තබන කූඩුවක ඇපය ලැබෙන තුරු සිටීමට සැලැස්‌වීය. අපේ හමුදාවන් යුද අපරාධ, ස්‌ත්‍රී දූෂණ කළා යෑයි සඳහන් වන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ගේ වාර්තාව අගය කරමින් පිළිගත්aතේය. මෙවැනි දේ කළ හැක්‌කේ රණවිරුවාට ද්වේශ කරන්නන්ට පමණි. වර්තමාන පාලකයෝ යුද්ධයේ ජයග්‍රහණයට අංශූ මාත්‍රයකින්වත් දායක වූ අය නොවෙති. 

ඔවුහු යුද මෙහෙයුම් සමච්චලයට ලක්‌ කළ, රණවිරුවා හෑල්ලුවට ලක්‌ කළ පිරිස්‌ වෙති. එවන් වූ පාලකයන් රණවිරුවන්ට මෙසේ සැලකීම, මියගිය ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම, කරුණක්‌ නොවේ. පුදුමයට පුදුමයට කරුණ නම් එවන් වූ දේශෙද්‍රdaහී මානසිකත්වයකින් හෙබි පාලකයන්ව බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් ජනතාවක්‌ රට තුළ සිටීමය.

මහාචාර්ය නලින්ද සිල්වා පසුගිය දිනක උත්සවයකදී ඉතා වැදගත් ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද්ධය ජයග්‍රහණය කළ පසු ප්‍රශ්නය විසඳී හමාරයි යන්නයි. බලය ලබා ගැනීමට යුද්ධ කළ සතුරාව පරාජය කළ පසු සතුරාට බලය ලබා දීමට සැරසීම කෙතරම් නම් මුග්ධ ක්‍රියාවක්‌ද? එසේ දිය යුතු නම් ලබාදිය යුත්තේ ජයගත් කණ්‌ඩායමේ කොන්දේසි අනුව මිස සතුරාගේ කොන්දේසි මත නොවේ. 

අද රටේ ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ බෙදුම්වාදී කොටි දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මතය. එහි පිටුපස සිටින්නේ එදා සිටම කොටි ත්‍රස්‌තයන්ට වෙනම රාජ්‍යයක්‌ ලබා දීමට “පැකේජ” නිර්මාණය කළ දේශෙද්‍රdaහී සිංහලයන් සහ කොටින්ගේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඇතුළු පිරිසයි. අද වන විට ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු 6 ක නිර්දේශයන් ප්‍රකාශයට පත් කොට ඇත. 

ඒවා ක්‍රියාත්මක කළහොත් අපේ රට පෙඩරල්වලටත් එහාගිය රටක්‌ බවට පත්වේ. මේවා කරන්නේ රටේ සමස්‌ත ජනතාවගේම යහපත නිසා නොව දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මතම පමණක්‌ නම් අප ඊට ඉඩ දිය යුතුද? වසර 2500 ක ලිත ඉතිහාසය පුරා අපි අපගේ රටේ “ඒකීය” භාවය රැකගෙන සිටියෙමු. එය රැක ගැනීම සඳහා අපේ මුතුන් මිත්තෝ ලක්‍ෂ ගණනක්‌ සතුරු ආක්‍රමණිකයන් හා සටන් වැද දිවි පුද ඇත. මෑත කාලීන, ත්‍රස්‌තවාදයට විරුද්ධ යුද්ධයද කළේ එම “ඒකීය” භාවය සුරක්‍ෂිත කිරීමටය. 

මෙතෙක්‌ කල් රටේ එම තත්ත්වය රැකගෙන සිටීම අපේ අභිමානයයි. මහා ඇලෙක්‌සැන්ඩර්ට හෝ අශෝක මහා අධිරාජ්‍යයාට පවා අපේ රට යටත් කර ගැනීමට නොලැබුණි. ඉංග්‍රීසීන්ට වුවද යුද්ධ කොට රට යටත් කර ගැනීමට නොහැකි විය. එසේ නම් මොනම පාලකයෙක්‌ටවත් පාර්ලිමේන්තුවේ අනු බලයෙන් හෝ ජනමත විචාරණකින් හෝ මොනයම් ආකාරයකින් හෝ එම ඒකීය භාවයට අත තැබීමට අප ඉඩ දිය යුතු නැත. නමුත් වර්තමාන රජය අද කිරීමට යන්නේ එයයි.

ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සිංගප්පූරුවේදී කියා ඇති දේ අපට මතකය. ” සිංහලයන්ට සහ බෞද්ධ භික්‍ෂුවට අවශ්‍ය වන්නේ ලේබල පමණයි. අපි ” ඒකීය” ලේබලය ඒ අයට තියා ගන්න දීලා අපට අවශ්‍ය දේ කරගමු” යන්නයි. නමුත් අප එම ලේබලය සේම එම ලේබලයෙන් තහවුරු වන කිසිම දෙයකට හානි වන කිසිම දෙයක්‌ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව සුමන්දිරන් දැන ගත යුතුය. පසුගිය රජය කාලේ සුමන්දිරන්වත්, විග්නේශ්වරන්වත්, සිවාජිලිංගම්වත් මෙසේ කටමැත දෙඩෙව්වේ නැත. 

එසේ නම් මොවුන් මෙසේ

රියද් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
සභාපති – ජාතික රණවිරු එකමුතුව



උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad