මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)

මහින්ද උතුරට කළ දේවල් ජාත්‍යන්තරය එදා අගය කළේ නෑ - ගෝඨා (VIDEO)

එල්.ටී.ටී.ඊය පරාජය කිරීමෙන් පසු උතුරු පළාතේ ඡන්දය පවත්වා එහි වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පවා එකල ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් නොකළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හා උතුරේ හිටපු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි විසින් ලියන ලද "වියවුල හා ස්ථාවරත්වය"  කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධයෙන් පසු උතුරු - නැගෙනහිර පළාත්වල සාමය හා ස්ථාවරය වෙනුවෙන් සිදුකළ සංවර්ධන කටයුතු ආදිය ගැන විවරණයක් එම කෘතිය මගින් සිදුකර ඇත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී අද පස්වරුවේ මෙම උත්සවය සංවිධානය කර තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ උතුරට ඡන්දයක් පැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ එසේ කළහොත් ඉදිරි මැතිවරණයකදී ඔබතුමා පරාජය වේ යැයි එවකට ආණ්ඩුවේ සිටි ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළ බවයි.

එසේම මේවන විට ටී.එන්.ටී පක්ෂයට සහය දක්වන සිද්ධාර්ථන් පවා ඡන්දයක් තිබුණහොත් ඉන් ටී.එන්.ඒ පක්ෂය  බලවත් විය හැකි යැයි තමන් සමග කියා සිටි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී කීවේය.

කෙසේ වුවද හිටපු ජනපතිට අවශ්‍ය වූයේ උතුරේ ඡන්දය පවත්වා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීම බවත්, යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරමින් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කළ බවත්, හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වීඩියෝව පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad