ඇමතිට කලින් අලුත් පක්ෂය ගොඩනැගිල්ලක් විවෘත කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 29, 2016

ඇමතිට කලින් අලුත් පක්ෂය ගොඩනැගිල්ලක් විවෘත කරයි (VIDEO)

ඇමතිට කලින් අලුත් පක්ෂය ගොඩනැගිල්ලක් විවෘත කරයි (VIDEO)

මාවරමණ්ඩිය ප්‍රදේශයේ ඉදිකර ඇති බියගම ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැගිල්ල ඊයේ (28) දෙපාර්ශවයක් විසින් විවෘත කිරීමට උත්සාහ කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගැනුණි.

ඒ, එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ නිල උත්සවයට සහභාගිවීම සඳහා බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා පැමිණීමත් සමඟයි.

ඊයේ පෙරවරු 10.00 ට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ බියගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ නිල උත්සවය සැලසුම් කර තිබුණි.

නමුත් බියගම ප්‍රාදේශීය සභාවේ නිදහස් සන්ධාන හිටපු සභාපති ආනන්ද ගනේපොල, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් කුමාර, නලින් දිසානායක, රසික ප්‍රියංකර, සමන් වීරසිරි, දමිත් නාමල් සහ යූ.පී. පද්මකුමාර යන මන්ත්‍රීවරුන් විසින් පෙරවරු 9.30 ට මෙම ගොඩනැගිල්ල විවෘත කර අැති අතර ඒ, ගොඩනැගිල්ල විවෘත කිරීමට සකස් කර තිබූ සමරු ඵලකය මත වෙනත් සටහනක් අලවමිනි.

එහි සදහන්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ මෙම ගොඩනැගිල්ල අද දින විවෘත කරන බවයි.

මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිස පසුගියදා හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයද ලබා ගත්තේය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල මහතා ප්‍රකාශ කළේ පසුගිය රජය මගින් රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල වත්මන් රජයේ අමාත්‍යවරුන් විවෘත කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බවයි.

පසුව පෙරවරු 10.30ට බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා එම ස්ථානයට පැමිණියේ ගොඩනැගිල්ල විවෘත කිරිමේ නිළ උත්සවයට සහභාගිවීම සඳහායි.

කෙසේ වෙතත්, මෙම උත්සවයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ බියගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගි නොවුණි.

පසුව නැටුම් කණ්ඩායම් පෙරටු කර ගනිමින් පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා සහ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුඵ පිරිස යලිත් වරක් ගොඩනැගිල්ලට ප්‍රවිශ්ඨ වී තිබේ.

එහිදී පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමට උත්සහ දැරුවද එම ස්ථානයේ රැදි සිටි පිරිස ඔහුට 'හූ' හඬ නගිමින් විරෝධය පළ කළේය.

එම අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad